සුපර් සොෆ්ට් බනිස් හදමු (Super Soft Buns Hadamu)

සුපර් සොෆ්ට් බනිස් හදමු (Super Soft Buns Hadamu) - Your Choice Way

අද මං ඔයාලට සුපර් සොෆ්ට්  බනිස් රෙසිපි එකක් තමයි අරගෙන ආවෙ. මම ෆොටෝ වල විදියට හැඩ දෙකකට හදා ගත්තා. ඒවගේම මැදට කස්ටඩ් එකතු කර ගෙන හැදුවෙ.  ඔයාලට පුළුවන් ඔයාලා කැමති හැඩයකට හදා ගන්න වගේම මැදට ඔයාලා කැමති දෙයක් එකතු කර ගන්න. ජෑම්, නියුටෙලා එහෙම නැත්නම් චොක්ලට් බෝලයක් මේ වගේ ඔයාලා කැමති දෙයක් එකතු කර ගන්න පුළුවන් .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌷 මද උණුසුම් කිරි කෝප්ප 1/2 ක්
  • 🌷 පාන්පිටි කෝප්ප 2 ක්
  • 🌷 බිත්තර 1 ක්
  • 🌷 යීස්ට් තේ හැඳි 1 ක්
  • 🌷 සීනි ග්‍රෑම් 30 ක්
  • 🌷 බටර් ග්‍රෑම් 25 ක්
  • 🌷 මැදට එකතු කරන්න ඔයාලා කැමති වර්ගයක් ගන්න , කස්ටඩ් , ජෑම්, නියුටෙලා වගේ කැමති දෙයක්
  • 🌷 අමතර බිත්තරය ක් තියා ගන්න බනිස් වල ආලේප කරන්න.
මං මේ ප්‍රමාණයෙන් බනිස් 12 ක් සකස් කර ගත්තා.

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌹 මුලින්ම භාජනයක් ගෙන එයට පාන්පිටි , සීනි, යීස්ට් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  2. 🌹 දැන් එහි මැදින් ඉඩක් හදා බීට් කරගත් බිත්තරය එකතු කරන්න . දැන් හොඳින් මිශ්‍ර කරන්න.
  3. 🌹 දැන් මද උණුසුම් කිරි ටික ටික එකතු කරමින් පිටි මෝලිය අනා ගන්න .කිරි මදි නම් ජලය හෝ නැවත කිරි ටිකක් එකතු කර ඉතා මෘදු මෝලියක් අනා ගන්න .මේ මෝලිය ටිකක්  අතේ ඇලෙන ගානට තියෙන්න ඕනෙ එතකොට තමයි බනිස් එක ගොඩාක් සොෆ්ට් වෙන්නෙ.
  4. 🌹 දැන් බටර් ටික ටික එකතු කරමින් මේ පිටි මෝලිය මිනිත්තු 10 ක් පමණ හොඳින් අනා ගන්න.
  5. 🌹 පසුව මෝලිය වටේ තෙල් ටිකක් ආලේප කර තෙත් කිචන් ටවල් එකකින් හෝ ඉටි ආවරණයකින් වසා පැයක් හෝ ඊට වැඩි කාලයක් තබන්න.
  6. 🌹 පිටි මෝලිය දෙගුණයක් වෙලා ඔයාලට පෙනේවි .දැන් අතින් තෙරපා වායු ඉවත්කර පිටි ඉසගත් මතුපිටක දමා කෑලි වලට වෙන් කර  ගන්න. මං කෑලි දොලහක් කපා ගත්තා.
  7. 🌹 මේ කඩා ගත් පිටි කොටස් බෝල කර පසෙකින් තබා ගන්න. එක කොටසක් ගෙන රවුමට තුනී කර රවුම කොටස් 8 ක් වන ලෙස බන් එකේ පෙති හදා ගන්න මැදින් වෙන් නොවන ලෙස චායාරූපයේ පෙනෙන පරිදි කපා ඒ ආකාරයට බනිස් එක හදා ගන්න . නැත්නම් ඔයාලා කැමති හැඩයකට හදා ගන්න පුළුවන්.
  8. 🌹 හදා ගත් මල් හැඩයේ බනිස් බේකින් පේපර් එකක් දැමූ තැටියක අතුරා මිනිත්තු 20 ක් පමණ නැවත වසා තබන්න.
  9. 🌹 දැන් බිත්තර කහ මදයක් හොඳින් තට්ටු කර බන් එකේ බ්‍රශ් එකකින් තවරා ගන්න.
  10. 🌹 ඊලඟට ඔයාලා මැදට යොදා ගන්න කැමති දෙයක් එකතු කර ගන්න.
  11. 🌹 180 °C න් මිනිත්තු 10 ක් රත් කරගත් අවන් එකක මිනිත්තු 25 ක් පමණ බේක් කර ගන්න.

බේක් වෙද්දි හොඳ රන්වන් පැහැයක් එනවා . දැන් ඉවතට ගෙන උඩින් බටර් ආලේප කර අයිසින් සීනි ටිකක් ඉස රස බලන්න පුළුවන්.

සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
සුපර් සොෆ්ට් බනිස් හදමු (Super Soft Buns Hadamu) - Your Choice Way

සුපර් සොෆ්ට් බනිස් හදමු (Super Soft Buns Hadamu) - Your Choice Way

සුපර් සොෆ්ට් බනිස් හදමු (Super Soft Buns Hadamu) - Your Choice Way

සුපර් සොෆ්ට් බනිස් හදමු (Super Soft Buns Hadamu) - Your Choice Way

සුපර් සොෆ්ට් බනිස් හදමු (Super Soft Buns Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුපර් සොෆ්ට් බනිස් හදමු (Super Soft Buns Hadamu) සුපර් සොෆ්ට් බනිස් හදමු (Super Soft Buns Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2022 Rating: 5

0 comments:

Post a Comment