Sinhala Jana Sangithaya Mawuna Song Lyrics - සිංහල ජන සංගීත මැවුණා ගීතයේ පද පෙළ

Sinhala Jana Sangithaya Mawuna Song Lyrics - සිංහල ජන සංගීත මැවුණා ගීතයේ පද පෙළ

Sinhala Jana Sangithaya Mawuna Song Lyrics - සිංහල ජන සංගීත මැවුණා ගීතයේ පද පෙළ
Song Title : Sinhala Jana Sangithaya Mawuna (සිංහල ජන සංගීත මැවුණා)
ගායනය : සුසිල් ප්‍රේමරත්න, ලතා වල්පොල සහ පිරිස
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව : සුසිල් ප්‍රේමරත්න (ජන සංගීත හා හේවිසි නාද මාලා ඇසුරෙන්)
සංගීත අදියුරු : පැට්‍රික් දෙණිපිටිය
ගීතය හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක WN 248 හි අන්තර්ගතයි.


සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා //
දළදා පෙරහැර මේ

සිරියා පා සුර ලෝකෙ වාගේ
සිරියා පා සුර ලෝකෙ වාගේ
දැන් පෙරහැර එනවා
දළදා පෙරහැර මේ

වන්නම් කියවෙනවා
රැඟුමන් රඟ දෙනවා
රස හඬ මැද්දේ
ඇත් පෙළ ඇද්දේ
අප කුල්මත් වන්නේ

සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා
දළදා පෙරහැර මේ

සාදු සාදුඉහඬ දේ
මල් සුවඳින් පැහැ දේ
ලී කෙළි සෙල්ලම්
ජන ගී වන්නම්
තාලෙට මුසු වන්නේ

සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා
දළදා පෙරහැර මේ

ලොවට මහා පුදුමේ
හෙළ දෙරණේ මහිමේ
හැම දන දුටුවේ
පෙරහැර දාටයි
සිංහලයේ උරුමේ

සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා
දළදා පෙරහැර මේ

මැණිකෙලා හිනැහෙනවා
සඳ රැස් බැබලෙනවා
පෙරහැර කාලේ
මංගල තාලේ
සෙංකඩගලපුරයේ

සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා
දළදා පෙරහැර මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinhala Jana Sangithaya Mawuna Song Lyrics - සිංහල ජන සංගීත මැවුණා ගීතයේ පද පෙළ Sinhala Jana Sangithaya Mawuna Song Lyrics - සිංහල ජන සංගීත මැවුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 18, 2022 Rating: 5

0 comments:

Post a Comment