RATHU AS Song Lyrics - රතු ඇස් ගීතයේ පද පෙළ

RATHU AS Song Lyrics - රතු ඇස් ගීතයේ පද පෙළ
Song Title : RATHU AS (රතු ඇස්)
Performed by OOSEVEN
Music by  Jayan madhusri
Lyrics by OOSeven
Mix by  DILU
Mastered by David luchow
Video by  Black Eye (Lahiru Sri Vimukthi)


තනියම තනිකම පරදන
මුලු ලෝකෙම අමතක කලා මං
තාවකාලික සැප පිලිබද අදහස
අහකට විසි කලා මං

ගිනි ඇවිලෙන සුලු හිත
හිත මගේ ඇවිලෙන විට
අවනත කලා මං

කවදද කැමතිම හීන හැබෑ වෙන්නෙ
මේ නපුරු සිහිනය අවසන්

මේ ඇස් විනිවිද දකින්නේ මිනිස්සු ගැන
ලෝකෙක අපි හතරැස්
අපි යන ගමනේ මේ ජීවිතේ අතරමගදී
හමුවන්නෙම ඔරවන රතු ඇස්

හරි අවදානෙන් ඇවිදින්නේ
මං හරි වෙනස්
වෙලාවට අතාරින්නෙ රැප් කවි වස්
මේ අනාගතේ ගැන අපි දකින්නෙ දිවැස්
පටන් ගත්තේ විහිදෙන්න රැස් හිඩැස්

තනියම තනිකම පරදන
මුලු ලෝකෙම අමතක කලා මං
තාවකාලික සැප පිලිබද අදහස
අහකට විසි කලා මං

ගිනි ඇවිලෙන සුලු හිත
හිත මගේ ඇවිලෙන විට
අවනත කලා මං

කවදද කැමතිම හීන හැබෑ වෙන්නෙ
මේ නපුරු සිහිනය අවසන්

සීමා රහිතයි
කොන්දේසි සහිතයි
මේ ජිවිතේ සංගීතේ මදුවිතයි

හදවතින් ගැලපෙන අදහස ගලපන්නේ
වචන වලට සීමා විරහිතයි
අලුයට ගිනි ඇවිලෙන රස්නෙට
පන එන මට මේ සීතල යුද්දේ

ආසයි අහන්න මැරෙන්න කලින්
අපි නිසා කැලබුන හිත් වල කෝ සද්දේ

තනියම තනිකම පරදන
මුලු ලෝකෙම අමතක කලා මං
තාවකාලික සැප පිලිබද අදහස
අහකට විසි කලා මං

ගිනි ඇවිලෙන සුලු හිත
හිත මගේ ඇවිලෙන විට
අවනත කලා මං

කවදද කැමතිම හීන හැබෑ වෙන්නෙ
මේ නපුරු සිහිනය අවසන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
RATHU AS Song Lyrics - රතු ඇස් ගීතයේ පද පෙළ RATHU AS Song Lyrics - රතු ඇස් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 19, 2022 Rating: 5

0 comments:

Post a Comment