Kanna Song Lyrics - කණ්ණා ගීතයේ පද පෙළ

Kanna Song Lyrics - කණ්ණා ගීතයේ පද පෙළ
Song Title : Kanna (කණ්ණා)
Vocals : Kusal Lakshan, Nipuni Herath, Isuranga Iniyage
Lyrics : Nelum Bopitiyegedara
Main Melody : Kusal Lakshan
Music, Mixing & Mastering : Stereomiinds
Concept : Kusal Lakshan, Isuranga Iniyage
IllustrationsHiran Pieris
AnimationKasun Nishshanka
StarringSasani Jayasinghe, Kusal Lakshan
Costume DesignKasun Fonseka
PhotographyViraj Sandeepa


මා සිර කළ ඒ මාළිගයේ
මේ පැලේ නුඹේ උරතලයේ

නීල නයන මුදු කෙහෙරැලි රේඛා
ආල වඩන නලලත රන් තිලකා
පීන පයෝදර හීලෑ කරනා
සේල දුහුල් මන සලෙලුන් ගැටුනා
නාරි ශ්‍රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අගනුන්පුර සිර කල මම නුඹෙ කණ්නා

මම නුඹෙ කණ්නා

නුවර’ත සිරි සර විදින’තරේ, ඔබ
වත මගෙ හිත ගැඹුරෙ ම සැතපේ
නුඹසිරි අඩුවෙන් ඛණ්ණා ගැයු සඳ
නුඹ රුව ගැන දැන් දැන් දොසක් සිතේ

සේද සලුව සැලෙන හඩට වනන වරුණ රූ පැදී
පාද නිතඹ හිස වනනා ඔහු ඇස දොස නෑ රැදී
වාද නොකර ඔහු කියවන ලිය සරුකම් ඇති මදී
මාද සිතේ සිර කල නුඹෙ රූපෙ සෙමින් යයි ඇදී

මා සිර කළ මේ මාළිගයේ
පාලුව මා ගත දැවටූයේ
මා පැලේ නුඹේ උරතලයේ
සෙනේ සඳයි හද අම්බරයේ

වැනුම් සරින් බැලු මිස ඒ සේයා
හැගුම් සභාගත වී නුඹ ගාවා
රැගුම් අනෙක් උන් නැත සිරි මේසා
සිතින් නුඹව ඇද පබදිමි ගීතා
නාරි ශ්‍රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අගනුන්පුර සිර කල මම නුඹෙ කණ්ණා

වනමින් අගනුන් උන් හැඩ පෙන්නා
මගෙ සිරි මදිකම් පදකරලන්නා
කෝප නොවෙමි මා නුඹ සිත දන්නා
නොරැදෙයි නොවටින දේ මෙහි කිසිදා මා එය දන්නා
නාරි ශ්‍රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අගනුන්පුර සිර කල මම නුඹෙ කණ්ණා

මගෙ ගී රස පිනවන අතරේ නුඹෙ
රූ රජු සිත තුළ කැලල් කරේ
ඔහු අන්තඃපුර දුන් නුඹ පදවිය ගෙන
නැවතත් ගමටම පිටත් කරේ

සේද යහන් රන් සළු නැත පාලු පැලකි සඳවතී
සාද නැතත් පෙර සද මෙන් ආලෙ ඉතිර යයි නිතී
වාද මොටද රූ සිරි නුඹ සුර අගනුන් පරදිතී
මාද නුඹට, නුඹ මට දැන් රාජ සැපකි එය ඇතී

මම නුඹෙ කණ්ණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kanna Song Lyrics - කණ්ණා ගීතයේ පද පෙළ Kanna Song Lyrics - කණ්ණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2022 Rating: 5

0 comments:

Post a Comment