Heena Podi Song Lyrics - හීන පොදි ගීතයේ පද පෙළ

Heena Podi Song Lyrics - හීන පොදි ගීතයේ පද පෙළ
Song Title : Heena Podi (හීන පොදි)
Artist : Uthsari Ekanayaka | Tharindu Damsara
Lyrics : Dilhan Fonseka
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala
Guitar arrangements : Kavin Harshana
Motion video : Chameera J Hettiarachchi


හීන පොදි බඩ බැඳන් රෝස උයනට වැදී
රෝස කැකුළක් නෙළන් මවක ආයෙම වඩී
මායිමෙහි ඈ පෙනෙන නොපෙනෙනා ලෙස හිඳී
පියෙකු විඳි විලිරුදා අකුරු මත නැත රැඳී

අරුණැල්ලේ ආ හිරුත් සවස මුහුදට බසී
සියොතුන්ද වෙහෙස අග කැදැල්ලක සුව විඳී
රැයෙත් පිඹ දහදියට තනනු වස් දෑවැදී
තාත්තෙක් වැඩපළක නිදි නැතුව වැඩ ඇතී

මඟුල් දා පෝරුවට යන දුවක අත රැඳී
කටුව වී නටුව මත මල රැකපු අත ඇතී
හදවතම කඩා වෙන අතක දවටන හැටී
පියෙකුගේ ඇස් අගට කඳුළෙ පින හිමි නැතී

නිමක් නැති අහස් කුස හුදකලා තරු ඇතී
දැවී ගිය මුත් පොරණ අද ද එළි විහිදතී
වැඩ නිසා අතපසුව ගිය ද මතකෙන් මිදී
කොහේ හෝ බිම්කඩක තාත්තා නිදි ඇතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heena Podi Song Lyrics - හීන පොදි ගීතයේ පද පෙළ Heena Podi Song Lyrics - හීන පොදි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 22, 2022 Rating: 5

0 comments:

Post a Comment