Wiyowu Pasuwayi Danenne Song Lyrics - වියෝවූ පසුවයි දැනෙන්නේ ගීතයේ පද පෙළ

Wiyowu Pasuwayi Danenne Song Lyrics - වියෝවූ පසුවයි දැනෙන්නේ ගීතයේ පද පෙළ

Wiyowu Pasuwayi Danenne Song Lyrics - වියෝවූ පසුවයි දැනෙන්නේ ගීතයේ පද පෙළ
Song Title : Wiyowu Pasuwayi Danenne (වියෝවූ පසුවයි දැනෙන්නේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : බන්දුල නානායක්කාරවසම්
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය 1992 දී “අමල් බිසෝ”කැසට් පටයටත් 2003 දී “The best of Sunil 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඬූදා කඳුළයි දකින්නේ සිනාවේ සරදම් //

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චණ්ඩයි

වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඬූදා කඳුළයි දකින්නේ සිනාවේ සරදම්

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඬූදා කඳුළයි දකින්නේ සිනාවේ සරදම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wiyowu Pasuwayi Danenne Song Lyrics - වියෝවූ පසුවයි දැනෙන්නේ ගීතයේ පද පෙළ Wiyowu Pasuwayi Danenne Song Lyrics - වියෝවූ පසුවයි දැනෙන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 21, 2022 Rating: 5

0 comments:

Post a Comment