Widuli Eliya Daka Lyrics - විදුලිය එළිය දැක ගීතයේ පද පෙළ

Widuli Eliya Daka Lyrics - විදුලිය එළිය දැක ගීතයේ පද පෙළ

Widuli Eliya Daka Lyrics - විදුලිය එළිය දැක ගීතයේ පද පෙළ
Song Title : Widuli Eliya Daka (විදුලිය එළිය දැක)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය : ස්වර්ණ ගුණවර්ධන
තනුව : ෂෙල්ටන් විජේසේකර


විදුලිය එළිය දැක ගිණි හුළ දියේ හෙළා
මඟ වැරදිලා දිවූවේ මංමුළා වෙලා
පැන ගිය මුවන් ළඟ හැළුණයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා

කස්තුරි කපුරු කෑ තරමට එපා උනී
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණී
ඇස් රතු කළ කොළොප්පමකට හිනා උනී
මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී

විදුලිය එළිය දැක ගිණි හුළ දියේ හෙළා
මඟ වැරදිලා දිවූවේ මංමුළා වෙලා
පැන ගිය මුවන් ළඟ හැළුණයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා

මෝල් ගහත් ඇවිලුණි කරුම ගින්නට
උණුසුම මදි වුණා ඔය පැලෙ ඉන්නට
ආගිය මාවතක් හෙම නෑ පෙනෙන්නට
අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට

විදුලිය එළිය දැක ගිණි හුළ දියේ හෙළා
මඟ වැරදිලා දිවූවේ මංමුළා වෙලා
පැන ගිය මුවන් ළඟ හැළුණයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Widuli Eliya Daka Lyrics - විදුලිය එළිය දැක ගීතයේ පද පෙළ Widuli Eliya Daka Lyrics - විදුලිය එළිය දැක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2022 Rating: 5

0 comments:

Post a Comment