කාලයේ ඇවෑමෙන් පාපතර මිතුරන්ගෙන් පලි ගන්නට ආ යුවතිය (Classic Horror)

කාලයේ ඇවෑමෙන් පාපතර මිතුරන්ගෙන් පලි ගන්නට ආ යුවතිය (Classic Horror) - Your Choice Way

වේලාව රාත්‍රී හත පසුවී තවත් මිනිත්තු කිහිපයක් ගතවී ගොස් හමාරය..කඩින් කඩ ඇද හැලෙන පොද වැස්සත් මීදුමත් නිසා වෙනදාටත් කලින් රෑ බෝ වී ඇති බවක් පෙනුන හෙයින් නන්දන දුම්රියෙන් බැසගත් විගස පය ඉක්මන් කලේ මහ වැස්සකට පෙර නිවස කරා යා ගන්නා අටියෙනි.

කරුමයකට මෙන් වෙනදාට ඔහු නිවස බලා යන කුඩා වෑන් රථයේ කාර්මික දෝෂයකි. පැයකට ආසන්න කාලයක් එය යතාතත්වයට පත් කරගන්නා තුරු බලා සිටියද පලක් නොවීය. සිය නිවස අසලින් දිවෙන කුඩා අතුරු මාර්ගය ඔස්සේ රාත්‍රී කාලයේ ධාවනය වන එකම බස් රථය මෙය වූ බැවින් ඔහුට නිවස කරා යෑමට ත්‍රිරෝද රථයක පිහිට පැතීමට සිදු විය.

ත්‍රිරෝද රථ රියදුරන් දෙතුන් දෙනෙකුගෙන්ම ගණන් විමසා බැලුවද ඔවුන් ගිනි ගණන් අය කරන බවක් හැඟුනු නිසා දෝ නන්දන බසයකට ගොඩ වී මගින් බැස ගත්තේ වෙන කරන්නටම දෙයක් නොවූ හෙයිනි.

වේලාව රාත්‍රී 9පසුවී විනාඩි දොළහක් ලෙස හන්දියේ ඔරලෝසු කනුවෙහි සටහන්ව තිබිනි.ඔහු කවුරුන්හෝ තමා සමග යන්නට සිටී දැයි විපරම් කර බැලුවද කිසිවෙකුත් නොවූ හෙයින් අතුරු පාරට හැරී පය ඉක්මන් කළේය.

කඩින් කඩ ඇද හැලුන වැස්සෙහි තවත් නිමාවක් නොවීය.ඈත තියා ලඟ පාතවත් හරි හැටි නොපෙනෙන තරමට ඝණ මීදුමක් හාත් පසම වෙලාගෙන තිබිනි.ඉඳහිට ඇසෙන බල්ලෙකුගේ උඩු බිරුමකුත්,රැහැයි හඬකුත් හැරෙන්නට අන් කිසිදු හඬක් නොඇසෙන තරම්ය.

බලු බල්ලෙක්වත් තමන්ගේ තනියට නැති හැටියක් යැයි සිතමින් ඉදිරියට ගමන් ගත් නන්දනට එක් වරම කිසියම් චකිතයක් සිතට නැගුනේ ගම්සභා පිට්ටනිය දුටු විගසය.ඒ දෙසවත් නොබලා ඔහු අඩියට දෙකට පිට්ටනිය පසු කර නිවස දෙසට හැරෙන කුඩා අතුරු පාරට හැරෙනවාත් සමගම සිහින් කෙඳිර්ල්ලක් ඇසෙන්නට විය.ඒ හඬ තමාට පුරුදු හඬකි.නන්දන මදක් නැවතී ඒ හඬට කන් දුන්නේය.

ගම් සභා පිටියට මුහුණලා හිටගෙන සිටි ඔහුට එක් වරම දිස් වන්නේ ගම් සභා පිටියේ කෙළවර ඇති උස් වේදිකාවයි.මෙවැනිම වැහිබර රැයක මීට අවුරුදු ගණනකට පෙර එතැනම සිදුවූ සිදුවීමෙහි දසුන් එකින් එක ඔහුගේ මනසෙහි ඇඳෙන්නට විය.

ඇඟලුම් කම්හල් සේවිකාවක් රෑ වැඩ නිම කර නිවස බලා යද්දී ඔහුටත් ඔහුගේ පාපතර මිතුරන්ටත් බිලිවූ අයුරුත් පසුදා ඇය විසින්ම ගෙල වැල ලාගෙන මියගොස් සිටි අයුරුත් එකිනෙක නන්දන මෙනෙහි කලා නොවෙයි...කවුරුන් විසින් හෝ මෙනෙහි කර දුන්නාය..

කෙඳිරිලි හඬ තමන් සමීපයෙන්ම ඇසෙන බව වටහාගත් නන්දන පසු පස හැරෙනවාත් සමගම භීරාන්ත වීය.ඔහු අසල ඔහු දෙසම බලාගෙන සිටින්නේ ඇය බව ඔහු එක හෙලාම දුටුවේය.උන්මත්තකයෙක් මෙන් කෑ ගැසූ නන්දන ඇයට ගැසීමට විශාල ගලක් දෑතින්ම ඔසවාගත්තද එයින් ඇයට නොව තම හිසට පහර පිට පහර එල්ල කරගත් නන්දන සිහිසුන්ව බිම වැටිනි..

පසුදා උදෑසන මගියෙකු විසින් ඔහු රෝහලට ගෙන යන විටත් ඔහු අසාධ්‍ය තත්වයේ පසුවිය.තමා බැලීමට පැමිනි අයටත් වෛද්‍යවරුන්ටත් කිසිවක් නොකීවද ඔහුගේ මුවින් නිතරම

අරකී...ග්‍රවුන්ඩ් එකේ...ඒකී

යනුවෙන් පමනක්ම අවසන් හුස්ම හෙලන තුරු කියැවින.මිතුරාට අත් වූ ඉරණම දැක සෙසු පාප මිත්‍රයින්ද තමාගේ වාරය අද හෙටම පැමිනෙන බව ඉඳුරාම විශ්වාස කලෝය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කාලයේ ඇවෑමෙන් පාපතර මිතුරන්ගෙන් පලි ගන්නට ආ යුවතිය (Classic Horror) කාලයේ ඇවෑමෙන් පාපතර මිතුරන්ගෙන් පලි ගන්නට ආ යුවතිය (Classic Horror) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2022 Rating: 5

0 comments:

Post a Comment