Sithala Sithuwili Song Lyrics - සීතල සිතුවිලි ගීතයේ පද පෙළ

Sithala Sithuwili Song Lyrics - සීතල සිතුවිලි ගීතයේ පද පෙළ
Song Title : Sithala Sithuwili (සීතල සිතුවිලි)
ගායනය : රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා


සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළ ළමැදේ
ජීවිත කතරට සිහිලැල් පිණිබිදු ඉසිමින්
පෙර මං කී නිරිඳේ

මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්
මා හද සුවඳින් පිරූ හැටි
ගිනියම් සැඩහිරු දෝතින් මුවා කරන්
සුවබර සෙවනැලි හැදූ හැටි

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළ ළමැදේ
ජීවිත කතරට සිහිලැල් පිණිබිදු ඉසිමින්
පෙර මං කී නිරිඳේ

නොසිතු මොහොතක නොමියෙන විලාසයෙන්
ඉරණම ඔබ ළඟ රැඳුණු හැටි
වැළපෙන පැළකට මල් කැන් දෝත දරන්
හෙට ගැන උරුමය ගෙනා හැටි

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළ ළමැදේ
ජීවිත කතරට සිහිලැල් පිණිබිදු ඉසිමින්
පෙර මං කී නිරිඳේ

Sithala Sithuwili Song Lyrics - සීතල සිතුවිලි ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithala Sithuwili Song Lyrics - සීතල සිතුවිලි ගීතයේ පද පෙළ Sithala Sithuwili Song Lyrics - සීතල සිතුවිලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2022 Rating: 5

0 comments:

Post a Comment