Mandakini Song Lyrics - මන්දාකිනි ගීතයේ පද පෙළ

Mandakini Song Lyrics - මන්දාකිනි ගීතයේ පද පෙළ
Song Title : Mandakini (මන්දාකිනි)
Artist : Hiruni Prabha & Miran Archana
Lyrics : Sudesh Jayantha Fernando
Music Produced, Mix & Mastering : Mario Dimittri Fernando @ Blackbirth Records
Guitars : Mario Dimittri Fernando


මා දුටුවා
නිවි නිවි දිලෙනා
එක තරුවක්
අවපස අහසේ
මා හඬනා බව දැකලා තනි වී
අඳුරේ
පෘථිවි තලේ

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

වළාකුළු වියන් තනා අපට සුභ පතා
තුෂාර බිදු වලා අතුළ නිම්නයන් දිගේ
පාවෙලා පාවෙලා ක්ෂිතිජ මායිමේ
අපි ඇවිදන් ගියා අතින් අත් බැඳන්
අනන්තය දිහා

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

මදු පෙරා ස්වප්න ගී කනට කොඳුරලා
සීත මීදුමෙන් වෙලා මගත පුබුදුවා
පාවෙලා පාවෙලා ක්ෂිතිජ මායිමේ
අපි ඇවිදන් ගියා අතින් අත් බැඳන්
සිහින ලොව පුරා

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…


Mandakini Song Lyrics - මන්දාකිනි ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mandakini Song Lyrics - මන්දාකිනි ගීතයේ පද පෙළ Mandakini Song Lyrics - මන්දාකිනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2022 Rating: 5

0 comments:

Post a Comment