අදහන්න බැරි රහස් කියන මළපොත (The Dead Book Called Unbelievable Secrets)

අදහන්න බැරි රහස් කියන මළපොත (The Dead Book Called Unbelievable Secrets) - Your Choice Way
මළවුන්ගේ පුස්තකය කවරක්ද යන්න පිළිබඳව අප බොහෝ දෙනෙක් අසා ඇතුවාට සැකයක් නැහැ. බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් අසා ඇතුවාට එහි අතීත විස්තර සහ ඉතිහාසගත කරුණු කවරක් ද යන්න පිළිබඳ බහුතරයක් දෙනා දන්නේ අල්ප වශයෙනි. මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අවබෝධ කර ගැනීමට නම් අධ්‍යයනයක නිරත විය යුතු වනවා. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණු කාරණා දැන ගැනීමට නම් අප යා යුත්තේ පුරාතන ඊජිප්තුවටයි. බොහෝ දෙනෙකුට කුතුහලය දනවනු ලබන මේ මළවුන්ගේ ලෝකයේ සියලු කරුණු කාරණා සැඟව ඇත්තේ ඊජිප්තුවේය. ඊජිප්තු වරුන්ගේ විශ්වාසය වූයේ ඔවුන්ගේ මරණයෙන් පසු ජීවිතය පිළිබඳව මෙම ග්‍රන්ථයෙහි රහස් ලියමන් තුළ ලියා ඇති බවයි. අතීතයේ විසූ ඊජිප්තු වැසියන් අසාමාන්‍ය ලෙස මායාව සම්බන්ධ කරුණු පිළිබඳව දැඩි විශ්වාසයකින් යුක්තව කටයුතු කළ අතර, අප කතා කරනු ලබන මෙම මළවුන්ගේ පොත තුළද විසිර ඇත්තේ ඔවුන්ටම ආවේණික වන ඔවුන්ගේ විශ්වාසය පරිදි නොයෙකුත් කතාන්දර සහ යාච්ඤාවන්ය. විශේෂිතම කරුණ වන්නේ මෙම ග්‍රන්ථය නිර්මාණය වී ඇත්තේ ජීවත්වන පුද්ගලයන්ට නොව මිය ගිය අයවලුන් සඳහා වීමය. අතීතයේ සිටි වැසියන් තමාගේ මරණයට පෙර තමා විසින්ම මළවුන්ගේ ග්‍රන්ථයක් නිර්මාණය කරන අතර, ඔවුන් මියගිය පසු එහි අන්තර්ගත මන්ත්‍රයක් කියවීමෙන් දේවත්වය ලබාගෙන දෙවියන් අතරට එක්වීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබුණා.

මළවුන්ගේ පුස්තකයෙහි මන්ත්‍ර බොහෝ ප්‍රමාණයක් රචනා වී තිබී ඇත්තේ අතීතයේ ඊජිප්තු වැසියන් මිහිදන් කළ ස්ථාන සහ ස්මාරක මතයි. එම නිසා මෙම ග්‍රන්ථයට Book of the Dead නම ලබා දී ඇත්තේ යුරෝපයේ ගවේශකයන් සහ පුරාවිද්‍යාඥයන් පිරිසක් විසිනි. මෙම ග්‍රන්ථ ඉතා අධික මිලකින් යුක්ත වූ අතර, එම කරුණ හේතුවෙන් සියලු දෙනාටම එම ග්‍රන්ථය ලබාගැනීමට හැකියාවක් නොතිබුණි. කෙසේ වෙතත් සියලු දේම මුදල් මත සිදුවීමේ කරුණ හේතුවෙන් ධනපතියන් විසින් ග්‍රන්ථ මිලදීගෙන මරණයෙන් පසු ඔවුනට එයින් ප්‍රයෝජන ගත හැකි වන පරිද්දෙන් නව මන්ත්‍ර එකතු කර වෙනම වූ විශේෂිත ග්‍රන්ථ ද නිර්මාණය කර ගැනීමට පෙලඹ තිබුණු බව අතීත විස්තරයන්හි සඳහන් වනවා. එහෙත් ඉතා අඩු ආදායම් තත්ත්ව තුළ ජීවත්වන ජනතාවට නව මන්ත්‍ර එකතුකොට නිර්මාණය කළ විශේෂිත වූ ග්‍රන්ථ පරිශීලනය කිරීමේ අවස්ථාව නොලැබුණි.

විවිධ ආකාරයේ එකිනෙකට වෙනස් මන්ත්‍ර 165ක් මෙම පොතේ පරිච්ඡේද 190ක් තුළ අන්තර්ගත වන අතර, දැනට විශ්වාසයේ පවතින ආකාරයට ග්‍රන්ථය ක්‍රිස්තු පූර්ව 1600 පමණ කාලවකවානුවකට අයත් වන බව සඳහන් වනවා. 1842 වර්ෂයේදී මුල්ම වරට මෙය පරිවර්තනයට ලක් වන්නේ කාල් රිචඩ් අතිනි. එහි ඉංග්‍රීසි පරිවර්තනය 1867 වර්ෂයේදී සැමුවෙල් බ්‍රිච් පරිවර්තනය කරනු ලබන අතර, ඒ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේදීය. එයින් පසු ටී. බී. ඇලන් නැමැත්තා එය තවදුරටත් නවීකරණයකොට 1974 වර්ෂයේදී ප්‍රකාශයට පත් කොට තිබෙනවා. මෙම පුස්තකය අතුරින් වැඩිදෙනෙකු අතර, ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ක්‍රිස්තු පූර්ව100 පමණ ඉතා බලසම්පන්න පූජකයකු වූ ආමෙන් සතුව තිබූ ග්‍රන්ථයයි. දැනට විශ්වාස කරනු ලබන අන්දමට ඔහු සතුව තිබූ ග්‍රන්ථයේ කොටස් ලෝකය පුරා විසිරී ගොස් තිබෙන අතර, සියවස් ගණනාවක් තිස්සේ පුරාවිද්‍යාඥයෝ උත්සාහ කරනු ලැබූයේ මේ සියල්ලම එක් තැනක එක්කිරීමටයි. එය සම්පූර්ණ වී ඇත්තේ විසිඑක්වන සියවසේදී වන අතර, අවසන් කොටස සොයාගනු ලැබ තිබෙන්නේ ග්‍රීන්ලන්තයේ කෞතුකාගාරයක තිබූ බිම්මහලකිනි. 

කෙසේ වෙතත් මේ අතරින් පුරාතනම යුගයට අයත් ලියමන් ලෙස හඳුනාගන්නේ ක්‍රි. පූ. 2400 තරම් ඈත අතීතයේ, යමෙකු මියගිය පසු සිරුර මිහිදන් කර තනන ලද පිරමීඩ මත ලියන ලද ඒවායි. මුල් කාලයේ සොහොන් මත ලියන ලද ග්‍රන්ථ ආදිය කාලීනව නොයෙක් වෙනස්කම්වලට ලක්වෙමින් මිනී පෙට්ටි තුළ පවා මන්ත්‍ර ලිවීමේ සම්ප්‍රදායක් ඇති විණි. දැනට සඳහන් වන කරුණු අනුව ඊජිප්තු ජනාවාස වසර 3000ක පමණ කාලයක් පුරා පැවති අතර, මේ කාලය පුරාවටම මන්ත්‍ර නව මුහුණුවරක් යටතේ වෙනස් වෙමින් ග්‍රන්ථ ගණනාවක්ම භාවිත කිරීමේ කටයුතු සඳහා අන්තර්ගත වීම දක්නට ලැබුණා. එමෙන්ම නොයෙක් නොයෙක් කාලයන්වලට අනුරූප වන පරිදි පූජකවරුන් විසින් තම තමන්ට වැදගත් යැයි සිතන සහ විශ්වාස කරන දෙවිවරුන්ට අනුව මන්ත්‍ර නිර්මාණය කර තිබීම ද දක්නට ලැබුණා. කෙසේ වෙතත් වර්තමානය වන විට පවතින්නේ Eighteenth Dynasty නමින් හැඳින්වෙන මළවුන්ගේ ග්‍රන්ථයයි. එය නිර්මාණය වී තිබුණේ ක්‍රිස්තු පූර්ව 1500 පමණ යැයි අනුමාන කරනු ලබනවා.

ඊජිප්තුවේ මරණයෙන් පසු භාවිත වන මෙම ග්‍රන්ථය එක්තරා ආකාරයක සංකල්පයක් වන අතර, කාලයෙන් කාලයට එය වෙනස්වීම් ද දක්නට ලැබීමේ හැකියාව පවතිනවා. ඊජිප්තු වැසියන් මෙය ඒ ආකාරයෙන්ම විශ්වාස කරනු ලැබූව ද නොයෙක් නොයෙක් මති මතාන්තරවලට අනුව ඉදිරිපත් වන කරුණු වන්නේ සත්‍ය වශයෙන්ම මෙය ඒ ආකාරයෙන්ම විය හැකි ද වන බවයි.....

..................අන්තර්ජාලය ඇසුරෙනි....................දැනුම සොයන්න මේ පාරෙන් එන්න
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අදහන්න බැරි රහස් කියන මළපොත (The Dead Book Called Unbelievable Secrets) අදහන්න බැරි රහස් කියන මළපොත (The Dead Book Called Unbelievable Secrets) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 18, 2022 Rating: 5

0 comments:

Post a Comment