රටඉඳි රසවතුන් එකට රැස් කරවන සෞදි අරාබියේ බුරායිදා රටඉඳි උත්සවය (Buraydah Date Festival)

රටඉඳි රසවතුන් එකට රැස් කරවන සෞදි අරාබියේ බුරායිදා රටඉඳි උත්සවය (Buraydah Date Festival) - Your Choice Way

මැදපෙරදිග කලාපය තුළ වගා කෙරුණත් රටඉදි යනු ලොව පුරා කා අතරත් ජනප්‍රිය රසවත් ආහාරයකි. එහි ඇති පෝෂණීය ගුණයද මේ ජනප්‍රියත්වයට හේතු වී තිබේ. සොදි අරාබිය යනු රටඉදි නිෂ්පාදනය සහ අපනයනය අතින් ලොව පළමු වැනි තැනක් හිමිවන රටකි. රියාද් අගනුවරින් සැතපුම් 220ක් අතින් පිහිටි බුරායිදාහ් ප්‍රදේශය එරට රටඉදි කර්මාත්තයේ හදවත ලෙසින්ද සැලකෙයි. 

මෙම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන බුරායිදා රටඉදි උත්සවය (Buraydah Date Festival) වඩාත් ඉහළ ගුණාත්මක බවකින් යුත් රටඉදි සොයන රසවතුන් සහ ගැනුම්කරුවන් අනිවාර්යයෙන්ම රොක්වෙන උත්සවයකි. සෑම වසරකම අගෝස්තු සහ නොවැම්බර් අතර කාලය සෞදිඅරාබිය තුළ රටඉදි පලදාවී උච්චතම සමය ලෙස සැලකෙයි. ඒ අනුව මෙම කාලය පුරා බුරායිදාරටඉදි උත්සවය සහ වසිය පැවැත්වෙයි. මැදපෙරදිග කලාපය අතරින් සෞදි අරාබියේ රටඉදි ඉහළ ගුණාත්මක බවකින් සහ විවිධත්වයකින් යුක්ත බව පිළිගැනේ.

මේ නිසාම ගෙවුණු වසර ගණනාව පුරාම ලොව නන්දෙසින් ගෙනුකරුවෝ මෙම උත්සවයට සහ වෙන්දේසියට පැමිණිති.ෙ බසෑම දිනකම පෙරවරු 5.00ට  ආරම්භ වන මෙම උත්සවය වෙත රටඉදි නිෂ්පාදකයෝ ට්‍රක් රථවල පුරවාගත් සිය නිෂ්පාදන ටොන් ගණනින් රැගෙන එති. එම ට්‍රක් රථවලම සිටම කාගසමින්, මිල ගණිත් කියමින්, හට්ටු කරමින් ඒවා අලවි කෙරේ. ඒ අතරතුරදී මෙම රටඉදි කිලෝ ගණනින් වෙන්දේසිවීමද සිදුවෙයි. මෙම උත්සවයේ සංවිධායකයන් පවසන ආකාරයට මෙවර වෙන්දේසිය සඳහා එකිනෙකට වෙනස් රටඉදි වර්ග 45ක් පමණ ඉදිරිපත්ව තිබී ඇත.

මේ වෙත පැමිණින බොහෝ පිරිස් රටඉදි මිලදී ගැනීම පමණක් නොව, ඒවායේ ඇති විවිධත්වය පිලිබදවද ඉගනීමටද මෙය අවස්ථාවක් කර ගන්නේ එබැවිනි.

මෙම රටඉදි අතරින් වඩාත් ජනප්‍රියතම වර්ගය වන් Sukkari රටඉදියි. Sukkari යනු අරාබි භාෂාවෙන් පැණිරස යන්නයි. මෙම රටදි රත්රන් පාටට හුරු රතු පැහැයක් ගන්නා අතර, මුවේදී ඉතාමත් ඉක්මනින් දියවන බව පැවසෙයි.දෙවනියට ජනප්‍රියතම රටඉදි වර්ගය වන් Ajwa හම් රටඉඳියි. එය කුඩා වන අතර, අදුරු පැහැතිය. එසේම එය ඉක්මනින් දිය නොවේ. තරමක් වෙලාවක් හැපෙන සුලුය. Khals නමින් හැදින්වෙන මෙම වන්දේසියේ ඇති තෙවැනියට ජනප්‍රියතම රටඉදි වර්ගයයි. එහි පිටත පොත්ත ඉතාමත් තුනීය. රටකජුවල ඇති දුඹුරු පැහැය ගනී මෙම රටඉදි වෙන්දේසිය සම්පුර්ණයෙන්ම සිදුවන් පිරිමින් අතිනි. කිසිදු කාන්තාවක් ඊට සම්බන්ධ කර නොගනී. එය සාම්ප්‍රදායිකව පැවත එන ක්‍රමයකි. කෙසේ වෙතත්,

සෞදියේ රියාද. ජෙඩාහ් සහ දමාම් ඇතුළු නගරබද ප්‍රදේශවල අද කාන්තාවන්ටත් යම් යම් අයිතිවාසිකම් හිමිවෙමින් පවතින පරිසරයක ඉදිරියේදී මේ බුරායිදා රටඉදි වෙන්දේසියටත් කාත්තාවන්ට අවස්ථාව හිමිවනු ඇතැයි විශ්වාසය වී තිබේ. එහෙත් මෙම රටඉදි උත්සවයට සහභාගි වී ඉන් රටඉදි මිලදී ගැනීමට කාත්තාවට කිසිදු බාධාවක් නැත. ඇතැම් සෞදි කාන්තාවන් මෙම උත්සවය වෙත පැමිණෙන්නේ  මේ වසර අවසන් වන තුරු තම පවුලට ප්‍රමාණවත් රටඉදි කිලෝ ගණන් ඉතාමත් අඩු මිලට මිලදී ගැනීමේ අරමුණිනි. එහිදී ඔවුන් අලෙවිහලෙන් අලෙවිහලටම ගොස් වඩාත් හොද, කල්තබා ගත හැකි රටඉදි තෝරයි. "මම හොයන් Sukkariරටඉදිහොද ඒවා ලැබුත් මම කිලෝ දහයකට වඩා ගක්නවා. ඒක ශීතකරණයේ දාගත්තහම ම් අවුරැදටම රටඉදි ඇති.” එක් කාන්තාවක් පවසයි. මේ අතර පැමිණත ඇතැම් ගැනුම්කරුවන් තමන්  අවධානය යොමු කරන රටඉදි වර්ගයක් තිබේ. එම් rutab නමින් හැදින්වෙන වර්ගයයි.

එය මෙම රටඉදි සමයේ සති කිහිපයක් පමණක් අලවි කරන ඉතාමත් දුර්ලභ රටඉදි වර්ගයකි. එහි උඩ කොටස රත්රන් පාට ගන්නා අතර පහත කොටස තද දුඹුරු පැහැයක් ගනී. යුෂ බීරෙන එම රටඉදි වඩාත් පැණිරසය. මේ නිසාම මුවට වැටුණු විටම ඒවා දියවී යයි. මේ රටඉදි වර්ගය ජීවිතයේ එක්වරක් හෝ රසවිඳීම සෞදි වැසියන්ගේ අපේක්ෂාව වී තිබේ.සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල ජනතාවගේ දෛනික ජීවිතය හා මෙමරටඉදි අතර ඇත්තේ ඉතාමත් කිට්ටු සබදතාවකි. ඒ නිසාම දිනය ඕනම වේලාවකදී වුවද රටඉදිආහාරයට ගැනීමට ඔවුන් කැමත්තක් දක්වයි. එහිදී කුරුඳු, එනසාල් වැනි විවිධ කුළුබඩු එකතු කරගනිමින් රටඉදිවල රසය තවත් ඉස්මතු කරමින් ආහාරයට ගැනීමටද සෞදිවැසියන් අතීතයේ සිටම පුරුදු වී සිටියි.එහෙත් මෙම රටඉදි වගාව එතරම් ලෙහෙසි පහසු නැත.

එය ඉතාමත් ප්‍රවේශමෙන් සිදුකළ යුතු වගාවක් වන අතර, ඒ සඳහා අධික මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් වඩුණු රටඉදි ගසකට පල හටගැනීම සදහා වසර හයක පමණ කාලයක් ගත වෙයි. එතෙක් එම ගස මුලහි සිට අතු දක්වාම වඩාත් හොදින් රැකබලා ගත යුතුය. සෑම වසරකදීම රටඉදි ගස මගින් වඩාත් හොදපලදාවක් ලබාදෙන් ඊට ලබාදෙන සාත්තුව අනුව බව එම වගාකරුවන්ගේ විශ්වාසය වී තිබේ. 

.................අන්තර්ජාලය ඇසුරෙනි.................දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රටඉඳි රසවතුන් එකට රැස් කරවන සෞදි අරාබියේ බුරායිදා රටඉඳි උත්සවය (Buraydah Date Festival) රටඉඳි රසවතුන් එකට රැස් කරවන සෞදි අරාබියේ බුරායිදා රටඉඳි උත්සවය (Buraydah Date Festival) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2022 Rating: 5

0 comments:

Post a Comment