Kaliyuga Kaleta Upanna Song Lyrics - කලියුග කාලෙට උපන්න ගීතයේ පද පෙළ

Kaliyuga Kaleta Upanna Song Lyrics - කලියුග කාලෙට උපන්න ගීතයේ පද පෙළ

Kaliyuga Kaleta Upanna Song Lyrics - කලියුග කාලෙට උපන්න ගීතයේ පද පෙළ
Song Title : Kaliyuga Kaleta Upanna (කලියුග කාලෙට උපන්න)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර
පද හා තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


කලියුග කාලෙට උපන්න නුවණක්කාරයො දෙන්නෙක්
අතරමඟදි මුණගැහිලා මාර ගහක් යට ඉඳ ගත්තේ

එකෙක් රයිගම පැත්තේ
අනික ගම්පොළ පැත්තේ

එකෙක් රයිගම පැත්තේ
අනික ගම්පොළ පැත්තේ

කොහොමද ඒ පැත්තෙ තොරතුරු ...
හරි ගිරිස්මෙ
ඒ පැත්තෙ ?
එහෙට තදින් වැස් වහිනවා

අපේ පැත්තෙ මහ කකුළුවො පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා
මොකක්ද කිවුවෙ ?
අපේ පැත්තෙ මහ කකුළුවො පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා
ඒ කිවුවෙ...?
මහ කකුළුවො කෙළින් අතට ගමන් කරනවා 
නෑ නෑ..
එහෙනං..
පොඩි එවුන්ට යන්න කියනවා

කොහොම වුණත් පහුවෙනකොට පොඩි එවුන්ට පුළුවන් වෙනවා
මොන පිස්සුද
උන් ඔක්කොම හරහට යනවා
හූහ් හහ් හාහ් හහ් හහ්

කලියුග කාලෙට උපන්න නුවණක්කාරයො දෙන්නෙක්
අතරමඟදි මුණගැහිලා මාර ගහක් යට ඉඳ ගත්තේ

එකෙක් රයිගම පැත්තේ
අනික ගම්පොළ පැත්තේ //

කොහොමද ඒ පැත්තෙ තොරතුරු ...?
එහෙට .. වැස්ස
ඒ පැත්තෙ ?
එහෙ ගිණි රස්නෙට පායනවා

අපේ පැත්තෙ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
මොකක් කිවුවා..
අපේ පැත්තෙ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා

ඒ කිවුවෙ ..
සැඩ පාරෙත් බයක් නැතුව ඔරුව පදිනවා
නෑ නෑ...
එහෙනං..
පුරුදු නිසා ඔරුවෙන් යනවා
මේ... බලාගෙනයි
ඔරුව පෙරළුනොතින් කරදර වෙනවා
පෙරළුනොතින්..?
පෙරළුණ පිට හොඳයි කියනවා
හූහ් හහ් හාහ් හහ්

කලියුග කාලෙට උපන්න නුවණක්කාරයො දෙන්නෙක්
අතරමඟදි මුණගැහිලා මාර ගහක් යට ඉඳ ගත්තේ

එකෙක් රයිගම පැත්තේ
අනික ගම්පොළ පැත්තේ

එකෙක් රයිගම පැත්තේ
අනික ගම්පොළ පැත්තේ

හූහ් හහ් හාහ් හහ් හහ්

ආචාර්ය රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර දෙරණ රූපවාහිනියේ "ඩෙල් ස්ටුඩියෝ" 10 වැනි වැඩසටහනට 2014 දී එක්වූයේ මෙලෙසින්. (රූප රාමු වල අයිතිය දෙරණ ටීවී සතුයි.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaliyuga Kaleta Upanna Song Lyrics - කලියුග කාලෙට උපන්න ගීතයේ පද පෙළ Kaliyuga Kaleta Upanna Song Lyrics - කලියුග කාලෙට උපන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2022 Rating: 5

0 comments:

Post a Comment