ක්‍රීමි පැස්තා / මැකරෝනි හදමු (Creamy Pasta / Macaroni Hadamu)

ක්‍රීමි පැස්තා / මැකරෝනි හදමු (Creamy Pasta / Macaroni Hadamu) - Your Choice Way

ඔන්න අද මං ඔයාලට තවත් රසම රස කෑමක් තමයි අරගෙන ආවෙ 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 මැකරෝනි කෝප්ප 2 ක්
  • 🔸 කුඩා කොටු කපාගත් කැරට් අලයක්
  • 🔸 කොටු කපාගත් මාලු මිරිස් හෝ බෙල් පෙපර් 2 ක්
  • 🔸 කුඩාවට කපාගත් ලීක්ස් බඩ කැබැල්ලක්
  • 🔸 කොටු කපා ගත් තක්කාලි ගෙඩි 2 ක්
  • 🔸 ඔයාලට කැමති නම් පාස්ලි ටිකක්
  • 🔸 සිහින්ව ලියාගත් සුදුලුනු බික් 2 ක්
  • 🔸 සිහින්ව ලියාගත් ඉඟුරු පොඩි කැබැල්ලක්
  • 🔸 කෑලි මිරිස් තේ හැඳි 1 ක්
  • 🔸 ගම්මිරිස් කුඩු ටිකක්
  • 🔸 ලුනු කුඩු ටිකක්
  • 🔸 තෙල් ස්වල්පයක්

පැස්තා සෝස් එක සඳහා
  • 🔸 බටර් මේස හැඳි 2 ක්
  • 🔸 පාන් පිටි මේස හැඳි 2 ක්
  • 🔸 ෆ්‍රෙශ් මිල්ක්/ පිටිකිරි කෝප්ප 2 ක්
  • 🔸 තක්කාලි සෝස් මේස හැඳි 4 ක්
  • 🔸 ගම්මිරිස් කුඩු ටිකක්
  • 🔸 රස අනුව ලුනු

✅ සාදා ගන්නා ආකාරය :

  1. ✴️ උතුරන වතුරට මැකරෝනි ,ලුනු සහ තෙල් ස්වල්පයක් එකතු කර මැකරෝනි තම්බා ගන්න.
  2. ✴️ තම්බා ගත් මැකරෝනි සීතල වතුරෙන් සෝදා ගන්න.
  3. ✴️ දැන් භාජනයක් ලිප තබා තෙල් ටිකක් රත් කර එයට සුදු ලූනු සහ අමු ඉඟුරු එකතු කරන්න.
  4. ✴️ දැන් කපාගත් බීලූනු එකතු කර රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
  5. ✴️ ඊලඟට කපාගත් කැරට් ,ලීක්ස් ,මාලු මිරිස් සහ තක්කාලි  එකතු කරන්න.
  6. ✴️ තිබෙනවා නම් පාස්ලි ටිකත් එකතු කරන්න.
  7. ✴️ කැලි මිරිස් ,ගම්මිරිස් කුඩු ,රස අනුව ලුනු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  8. ✴️ විනාඩි දෙක තුනක් පිස ඉවතට ගන්න.
  9. ✴️ දැන් වෙනත් භාජනයක් ගෙන එයට බටර් මේස හැඳි 2 එකතු කරන්න.
  10. ✴️ එය දියවූ පසු පාන්පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  11. ✴️ දැන් කිරි කෝප්ප 2 එකතු කර ටිකක් ඝනවන තුරු හොඳින්  හැදි ගාන්න.(ගොඩාක් ඝන කර ගන්න එපා යන්තමින් ඝන උනාම ඇති)
  12. ✴️ එයට තක්කාලි සෝස් ,ගම්මිරිස් කුඩු  සහ ලුනු කුඩු එකතු කර මිශ්‍ර කරන්න.
  13. ✴️ දැන් තෙම්පරාදු කරගත් එලවලු එකතු කර මිශ්‍ර කරන්න.
  14. ✴️ අවසානයට තම්බාගත් මැකරෝනි එකතු කර හොඳින් මිශ්‍ර කර විනාඩි දෙක තුනකින් ලිපෙන් ඉවතට ගන්න.(තෙත ගතිය ගොඩාක් නැති වනතුරු ලිපේ තබන්න එපා)
  15. ✴️ උණුසුම්ව රස විඳින්න.
සැකසුම : ® නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
ක්‍රීමි පැස්තා / මැකරෝනි හදමු (Creamy Pasta / Macaroni Hadamu) - Your Choice Way

ක්‍රීමි පැස්තා / මැකරෝනි හදමු (Creamy Pasta / Macaroni Hadamu) - Your Choice Way

ක්‍රීමි පැස්තා / මැකරෝනි හදමු (Creamy Pasta / Macaroni Hadamu) - Your Choice Way

ක්‍රීමි පැස්තා / මැකරෝනි හදමු (Creamy Pasta / Macaroni Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ක්‍රීමි පැස්තා / මැකරෝනි හදමු (Creamy Pasta / Macaroni Hadamu) ක්‍රීමි පැස්තා / මැකරෝනි හදමු (Creamy Pasta / Macaroni Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2022 Rating: 5

0 comments:

Post a Comment