බත් වලින් වැලිතලප හදමු (Bath Walin Walithalapa Hadamu)

බත් වලින් වැලිතලප හදමු (Bath Walin Walithalapa Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ✴️ බත් කෝප්ප 3 ක්
  • ✴️ සීනි කෝප්ප 1ක් + මේස හැඳි  2 ක් (මේස හැඳි 2 සීනි කැරමල් කරන්න ගන්න)
  • ✴️ පොල් කෝප්ප 1ක්
  • ✴️ පාන් පිටි හෝ හාල් පිටි  මේස හැඳි 2ක්
  • ✴️ එනසාල් කුඩු ස්වල්පයක්
  • ✴️ ලුනු ස්වල්පයක්
  • ✴️ වතුර කෝප්ප 1/4ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ✴️ මුලින්ම බත් සහ පොල් හොඳින් මිශ්‍ර කරන්න.
  2. ✴️ දැන් භාජනයක් ගෙන ලිප තබා සීනි මේස හැඳි 2ක් කැරමල් කර ගන්න.
  3. ✴️ සීනි ටික කැරමල් වූ පසු වතුර කෝප්ප කාල එකතු කරන්න.
  4. ✴️ ඉතිරි සීනි ටිකද එකතු කර සීනි දියවන තුරු හැඳි ගාමින් උනුකර ගන්න.
  5. ✴️ ලුනු ස්වල්පයක් එකතු කරන්න.
  6. ✴️ සීනි ටික උනු වෙද්දී මිශ්‍ර කරගත් බත් සහ පොල් එකතු කරන්න.
  7. ✴️ එනසාල් එකතු කර ගන්න.
  8. ✴️ දැන් අඩු ගින්දරේ නොනවත්වා  හොඳින් හැඳි ගාන්න.
  9. ✴️ තෙත ගතිය අඩු වීගෙන එනවිට පාන් පිටි හෝ හාල් පිටි ටික එකතු කර හොඳින් හැඳි ගාන්න.
  10. ✴️ මිශ්‍රණය ගුලියක් ලෙස එකට එකතු වූ පසු තෙල් තවරාගත් තැටියක අතුරා ගන්න.
  11. ✴️ නිවුනු පසු කෑලි කපා ගන්න.ඉතාමත් රසවත් කෑමක් ,මීට පස්සෙ ඉතුරු වෙන බත් ඉවත දාන්න ඕන නැහැ. ඔයාලත් හදලා රස බලන්නකො ☕🍪🍌
ඔයාලට ප්‍රශ්න තියන නිසා ආයෙම ලියන්න හිතුවා
  • ✴️ බත් වේලලා ගන්නෙ නැහැ ,කලින් දවසෙ උයල ඉතිරි උන බත් මම ගත්තෙ.
  • ✴️ මම මේක හැදුවෙ කැකුලු බත් වලින්,මං හිතනවා කැකුලු බත්,සුදු බත් වඩා සුදුසුයි කියලා ,මොකද සම්බා වගේ බතකට පැනි උරා ගන්නවා අඩුයි.
  • ✴️ ඊලඟට බත් බ්ලෙන්ඩ් කරන්නෙ නැහැ,පොල් සමග කලවම් කර ගන්නවා විතරයි.
  • ✴️ කලින් දවසෙ ඉතුරු  බත් නිසා ඔයාලට කැමති නම්  බත් ටික සෝදල වතුර හොඳින් පෙරලා ගන්න පුළුවන්.
සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
බත් වලින් වැලිතලප හදමු (Bath Walin Walithalapa Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බත් වලින් වැලිතලප හදමු (Bath Walin Walithalapa Hadamu) බත් වලින් වැලිතලප හදමු (Bath Walin Walithalapa Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2022 Rating: 5

0 comments:

Post a Comment