Aradana Song Lyrics - ආරාධනා ගීතයේ පද පෙළ

Aradana Song Lyrics - ආරාධනා ගීතයේ පද පෙළ
Song Title : Aradana (ආරාධනා)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


ආරාධනා දෑසින් කියනා
නොපෙනෙන දුර ඈතක මා තනිවම උන්නා
සංවේදනා ගීයක තවරා
කාටත් නෑසෙන ලෙස මා තනිවම වින්දා
දැන් රන් පැහැ ගැන්වූ තොල්
ප්‍රේමාදරයෙන් මත් වී දැවුණා

නෑසී ඇසෙනා ඒ
ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ
මේ ආදරේ
වෑහී දිලෙනා ඒ
තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ
පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ
මේ ජීවිතේ

සන්තාපයේ ගිගුරුම් හැලෙනා
සන්සුන් නොවනා සිත මගෙ ආදරෙ හෙව්වා
සංග්‍රාමයෙන් අවසන් නොවනා
ආදර ගීයක් කියනා ලෙස මට කිව්වා
දැන් විසඳුම් නොවෙනා පෙම් දහසක් තිබුණා
මේ ජීවිතයේ

නෑසී ඇසෙනා ඒ
ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ
මේ ආදරේ
වෑහී දිලෙනා ඒ
තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ
පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ
මේ ජීවිතේ

හැලෙනා හඬනා වැස්සේ තෙමිලා මා
දැනිලා රිදිලා රිසිසේ තැවුණා මා
තැවුණා මා

නෑසී ඇසෙනා ඒ
ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ
මේ ආදරේ
වෑහී දිලෙනා ඒ
තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ
පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ
මේ ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aradana Song Lyrics - ආරාධනා ගීතයේ පද පෙළ Aradana Song Lyrics - ආරාධනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2022 Rating: 5

0 comments:

Post a Comment