Wilaka Nelum Song Lyrics - විලක නෙළුම් ගීතයේ පද පෙළ

Wilaka Nelum Song Lyrics - විලක නෙළුම් ගීතයේ පද පෙළ
Song Title : Wilaka Nelum (විලක නෙළුම්)
ගායනය : අමිතා වැදිසිංහ සහ ටියුඩර් ජයශාන්ත
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : වික්ටර් දළුගම


විලක නෙළුම් මට කුමට ද
ඔබ හිනැහේ නම්
නෙතක කැළුම් විඳ සැතපෙමි
ඔබ සෙවනේ මම් //

ගිම්හානය ගත දවමින් වියළි මිහිතලේ
පවස නැඟේ මා රඳවයි ලොවක නිසසලේ
හෙට අළුයම ගෙට ගෙන එමි ළහිරු රැස් දියේ
වසන්තයේ පණිවිඩයත් රැගෙන එමි ප්‍රියේ

විලක නෙළුම් මට කුමට ද
ඔබ හිනැහේ නම්
නෙතක කැළුම් විඳ සැතපෙමි
ඔබ සෙවනේ මම්

උදා නොවන උදෑසනක් රැයෙහි සිත සිතා
බලා හිඳිමි අවදි වෙවී කඳුළු වැල් ගොතා
අනාගතය අතීතයෙන් විළිලන පොළොවේ
ඔබ පමණකි මා නෙත දුටු දෙවියෝ මෙලොවේ

විලක නෙළුම් මට කුමට ද
ඔබ හිනැහේ නම්
නෙතක කැළුම් විඳ සැතපෙමි
ඔබ සෙවනේ මම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wilaka Nelum Song Lyrics - විලක නෙළුම් ගීතයේ පද පෙළ Wilaka Nelum Song Lyrics - විලක නෙළුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 05, 2022 Rating: 5

0 comments:

Post a Comment