Dudanoda Binda (Mage Kukula Nasu Eka) Song Lyrics - දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා) ගීතයේ පද පෙළ

Dudanoda Binda (Mage Kukula Nasu Eka) Song Lyrics - දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා) ගීතයේ පද පෙළ
Song Title : Dudanoda Binda (Mage Kukula Nasu Eka) (දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා))
ගායනය : සුනිල් සාන්ත
සංගීතය : සුනිල් සාන්ත
ගී පද : රුපියෙල් තෙන්නකෝන්


දුදනොද බිඳ බඳ තෙද කඳ
කඳ දෙවිරද සාමිනේ //

මගෙ කුකුළා නැසූ එකා...
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළුය කා
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළුය කා
තව එක බුද දිනක් කකා
ඉන්නට ඉඩ නොදී මකා

බලා එල්ල හෙලුව හෙල්ල
මුලමැ බෙල්ල මරු තැනේ

කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ
කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ
පයින්මැ ගොස් ඇවිද වටේ
පොළොවැ උලා නළල් ඇටේ

දිගට ඇදී...
දිගට ඇදී නැග පැහැදී
මහ හඬ දී දෙවියනේ
දිගට ඇදී...

රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජු අටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි

කතරගමේ...
කතරගමේ බල මහිමේ
දුටුද එමේ හැම තැනේ
කතරගමේ...

කියමින් නම කුරැ ඔබගේ
බොලඳුන් ගෙ ද කිරි තුඬගේ
රඟ දෙන්නට වඩමි අගේ
එකතින් හිමි සඳුනි මගේ

දුදනොද බිඳ බඳ තෙද කඳ
කඳ දෙවිරද සාමිනේ //

මට කළ මෙවිපත අනේ
බලාගන්න දෙවියනේ
මට කළ මෙවිපත අනේ
බලාගන්න දෙවියනේ
වැජඹෙන නා වෙ විමනේ
බලන්න නා සාමිනේ

නා සාමිනේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dudanoda Binda (Mage Kukula Nasu Eka) Song Lyrics - දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා) ගීතයේ පද පෙළ Dudanoda Binda (Mage Kukula Nasu Eka) Song Lyrics - දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 05, 2022 Rating: 5

0 comments:

Post a Comment