Wada Karala Iwara Nomatha Song Lyrics - වැඩ කරලා ඉවර නොමැත ගීතයේ පද පෙළ

Wada Karala Iwara Nomatha Song Lyrics - වැඩ කරලා ඉවර නොමැත ගීතයේ පද පෙළ
Song Title : Wada Karala Iwara Nomatha (වැඩ කරලා ඉවර නොමැත)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


අසරණ මව මගේ ඇස් අන්ධව ඉන්න
කොරවුණු පියා බෑ හරි හැටි ඇවිදින්න
මේ දෙන්නා සමග නංගී රැකගන්න
රක්ෂාවකට ආ මේ ගෙදරක නවතින්න

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා දුප්පත් වී ඉපදුණේ
වැරදුනාම කෝටු පාර වදිනවා
බඩු කැඩුනොත් පඩියෙන් අඩු කරනවා
වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ

දන්නේ කවුද තමන්ගේ දුක් මිස තමන්
කන්නේ බොන්නේ වැඩකට යන එන ගමන්
වෙහෙස වෙලා රෑ දොළොහට ඇලවුණා
උදේ පහට ආයෙත් මා පිබිදුනා

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා දුප්පත් වී ඉපදුණේ
වැරදුනාම කෝටු පාර වදිනවා
බඩු කැඩුනොත් පඩියෙන් අඩු කරනවා
වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ

සැපට හදයි බලු පැටියෙක් හරි සැරයි
නෝනා ඌට මට වැඩියෙන් ආදරෙයි
ඇස් රතු වී දුක් කඳුලැලි බේරුණා
රක්ෂාවේ හැටි දැන් මට තේරුණා

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා දුප්පත් වී ඉපදුණේ
වැරදුනාම කෝටු පාර වදිනවා
බඩු කැඩුනොත් පඩියෙන් අඩු කරනවා
වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wada Karala Iwara Nomatha Song Lyrics - වැඩ කරලා ඉවර නොමැත ගීතයේ පද පෙළ Wada Karala Iwara Nomatha Song Lyrics - වැඩ කරලා ඉවර නොමැත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 19, 2022 Rating: 5

0 comments:

Post a Comment