Sudata Sude Walakulayi Song Lyrics - සුදට සුදේ වලාකුළයි ගීතයේ පද පෙළ

Sudata Sude Walakulayi Song Lyrics - සුදට සුදේ වලාකුළයි ගීතයේ පද පෙළ
Song Title : Sudata Sude Walakulayi (සුදට සුදේ වලාකුළයි)
ගායනය : ලතා වල්පොල
පද : අරිසෙන් අහුබුදු
තනුව : සුනිල් සාන්ත
සංගීතය : ආර්. මුත්තුසාමි
1960 දී තිරගතවූ "සංදේශය" චිත්‍රපටියේ ගීයකි.


සුදට සුදේ වලාකුළයි නිල් අහසේ පාවෙන්නේ
කන්ද උඩින් පණිවිඩයයි පුතුට මගේ ගෙන එන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

සුරංගනාවනුයි වලාකුළ ඔසවා ගෙන එන්නේ
හඳ මාමයි සිනාසිසී රිදී පාන අල්ලන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

හඳ පානේ මඳ සුළඟයි ඒ පණවිඩ කියවන්නේ
අහසේ රන් තරු අතරින් දෙවියන් එය ලියවන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

නව මූණෙකි පුතුගෙ වගේ කන්දේ ඒ බැබලෙන්නේ
ඒ මූණයි මේ මූණයි තව ටිකකින් සිප ගන්නේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudata Sude Walakulayi Song Lyrics - සුදට සුදේ වලාකුළයි ගීතයේ පද පෙළ Sudata Sude Walakulayi Song Lyrics - සුදට සුදේ වලාකුළයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2022 Rating: 5

0 comments:

Post a Comment