Sihinaye Pawela Song Lyrics - සිහිනයේ පාවෙලා ගීතයේ පද පෙළ

Sihinaye Pawela Song Lyrics - සිහිනයේ පාවෙලා ගීතයේ පද පෙළ
Song Title : Sihinaye Pawela (සිහිනයේ පාවෙලා)
ගායනය : ශිහාන් මිහිරංග


සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා
මා හදේ පෙම් කතා පොතේ, කතාවක් ලියැවුනා
සීතලේ ගතට ළංවෙලා රහසකුත් කොඳුරලා
ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා

මිහිරාවියේ… සිහින කුමරි
මගෙ ආදරේ ඔබයි කුමරි
මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ

සමනල්ලු රෑනේ ඇවිත් සිහිනයම හැඩ කලා
ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා
පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විඳලා
සමනල්ලු මල් රොන් සොයා පියඹලා දුර ගියා

මිහිරාවියේ… සිහින කුමරි
මගෙ ආදරේ ඔබයි කුමරි
මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ

සිහිනයෙන් අවදි වී ඉතින් මා ඔබව සෙව්වා
ඔබ සිටියේ නෑ මා ලඟින් ආයේ මා තනි වෙලා
සමනල්ලු රෑනේ ඔබත් පියඹලා ගියාදෝ
ආයෙමත් එන්නේ මා සොයා සිහිනයෙන් විතරදෝ

මිහිරාවියේ… සිහින කුමරි
මගෙ ආදරේ ඔබයි කුමරි
මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ

මිහිරාවියේ… සිහින කුමරි
මගෙ ආදරේ ඔබයි කුමරි
මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihinaye Pawela Song Lyrics - සිහිනයේ පාවෙලා ගීතයේ පද පෙළ Sihinaye Pawela Song Lyrics - සිහිනයේ පාවෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2022 Rating: 5

0 comments:

Post a Comment