Ron Soya Song Lyrics - රොන් සොයා ගීතයේ පද පෙළ

Ron Soya Song Lyrics - රොන් සොයා ගීතයේ පද පෙළ
Song Title : Ron Soya (රොන් සොයා)
ගායනය : ලතා වල්පොල
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය : සරත් දසනායක
1975 දී තිරගතවූ ආවා සොයා ආදරේ චිත්‍රපටියෙන්


රොන් සොයා
පියඹන සමනළියක සේ
රිසි ලෙස සරණෙමි වන පියසේ //
රොන් සොයා
පාවෙලා පාවෙලා
නිල්වලා යනු බලා

දිලිසෙන පිණි බිඳු මුතු ගොතලා
නිල්වන් සළු එළලා //
ගුවන් තලේ පුරා ලෙළේ
ගුවන් තලේ පුරා ලෙළේ
කිරි සුදු මුතු වියනක් බැඳලා

රොන් සොයා
පියඹන සමනළියක සේ
රිසි ලෙස සරණෙමි වන පියසේ
රොන් සොයා
පාවෙලා පාවෙලා
නිල්වලා යනු බලා

තුරු ලිය අතු ඉති මුකුළු කළා
මල් මල් සෙමෙර සලා //
ළිහිණි ගිරා නුරා රසේ
ළිහිණි ගිරා නුරා රසේ
විඳ විඳ කිචි බිචි කියනු ඇසේ

රොන් සොයා
පියඹන සමනළියක සේ
රිසි ලෙස සරණෙමි වන පියසේ
රොන් සොයා
පාවෙලා පාවෙලා
නිල්වලා යනු බලා

පාවෙලා පාවෙලා ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ron Soya Song Lyrics - රොන් සොයා ගීතයේ පද පෙළ Ron Soya Song Lyrics - රොන් සොයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 12, 2022 Rating: 5

0 comments:

Post a Comment