Ranwan Dul Karalin Pasila Song Lyrics - රන්වන් දුල් කරලින් පැසිලා ගීතයේ පද පෙළ

Ranwan Dul Karalin Pasila Song Lyrics - රන්වන් දුල් කරලින් පැසිලා ගීතයේ පද පෙළ
Song Title : Ranwan Dul Karalin Pasila (රන්වන් දුල් කරලින් පැසිලා)
ගායනය : ලතා වල්පොල සහ පිරිස
පද රචනය : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි
1955 දී තිරගතවූ මාතලන් චිත්‍රපටියෙනි.


ආ .. ආ.  ආ.. ආ..
ආ .. ආ.  ආ.. ආ..ආ..
දිනිඳා උදය ගිර මුදුනෙන් නැඟ එනවා
සුරිඳා පිහිට යැද ගොවි කුඹුරට යනවා

රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බරවීලා
තල වැවිලා රමණී සෝබා කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා //

ඉඟ නළවා කපමූ නෙළමූ හෝ හෝයියා //
මිටි බැඳලා හිස මත ගනිමූ
යාමූ පෙළ සෑදිලා
යාමූ පෙළ සෑදිලා //
මිටි බැඳලා හිස මත ගනිමූ
යාමූ පෙළ සෑදිලා
බට ලී සංගීතේ මත්වූ ගවයෝ රැළේ යා
ගොපලුන් හා මිහිරේ වෙළිලා
යාවී රංචූ හෝයියා
හෝ.. යාවී රංචූ හෝයියා //

රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බරවීලා
තල වැවිලා රමණී සෝබා කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා

මඳ සුළඟේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා //
තල වේලා බොල් පොතු හැරලා
කමතේ පිරි ධාන්‍යා
කමතේ පිරි ධාන්‍යා //
තල වේලා බොල් පොතු හැරලා
කමතේ පිරි ධාන්‍යා
සැම දෙවියෝ පිහිටාධාරේ කරුණා ලැබීලා
ගම සාරයි හාමත දුරුවෙයි
ගොවි සිත ප්‍රීතියි හෝයියා
හෝ.. ගොවි සිත ප්‍රීතියි හෝයියා //

රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බරවීලා
තල වැවිලා රමණී සෝබා කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ranwan Dul Karalin Pasila Song Lyrics - රන්වන් දුල් කරලින් පැසිලා ගීතයේ පද පෙළ Ranwan Dul Karalin Pasila Song Lyrics - රන්වන් දුල් කරලින් පැසිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 12, 2022 Rating: 5

0 comments:

Post a Comment