Peradiga Muthu Atayayi Me Song Lyrics - පෙරදිග මුතු ඇටයයි මේ ගීතයේ පද පෙළ

Peradiga Muthu Atayayi Me Song Lyrics - පෙරදිග මුතු ඇටයයි මේ ගීතයේ පද පෙළ
Song Title : Peradiga Muthu Atayayi Me (පෙරදිග මුතු ඇටයයි මේ)
ගායනය : ලතා වල්පොල සහ පිරිස
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : පන්කජ් මලික්
සංගීතය : එස්.එස්. වේදා
1956 දී තිරගතවූ "ඩිංගිරි මැණිකා" චිත්‍රපටියේ නාමාවලිය දිග හැරෙද්දී ගායනා වූ පසුබිම් ගීතයයි.මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, භාරතයේ සංගීතය වෙනුවෙන් පුද කරන අති ශ්‍රේෂ්ඨතම සම්මානයෙන් (1970 - පද්ම ශ්‍රී) පිදුම් ලැබූ, පන්කජ් මලික් (Pankaj Kumar Mullick) නම් වංග සංගීත ගාන්ධර්වයාණන් විසින් 1945 දී නිර්මාණය කොට ගායනා කරනු ලැබූ "Kar Charu Charaner Manjir Baje" යන ගීයෙනි.


පෙරදිග මුතු ඇටයයි මේ
ලෝකේ
සිරිබර සිරි ලංකා //

ජනිත වු සැම මෙම පොළවේ
නිති ආඩම්බර විය යුතුවේ 

දෑ කුල භේදේ ආගම් වාදේ
හැරදා එකමුතු වී
සමගිව පේළි සැදී //

දිවි දී
රකිමු අපේ ලංකා

පෙරදිග මුතු ඇටයයි මේ
ලෝකේ
සිරිබර සිරි ලංකා

හා ආ ආ ආ.......
හා... ආ.. ආ.. ආ...

නැගී සිටිය හැක එක්සත් වී
බෙදී ගියොත් රට යයි සුන්වී //

පිබිදෙව් පිබිදෙව් පිබිදෙව් //

අපගේ විකුම බලේ
රට ජාතියෙහි බලේ //

දිවි දී
රකිමු අපේ ලංකා

පෙරදිග මුතු ඇටයයි මේ
ලෝකේ
සිරිබර සිරි ලංකා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Peradiga Muthu Atayayi Me Song Lyrics - පෙරදිග මුතු ඇටයයි මේ ගීතයේ පද පෙළ Peradiga Muthu Atayayi Me Song Lyrics - පෙරදිග මුතු ඇටයයි මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2022 Rating: 5

0 comments:

Post a Comment