Dilidu Bawa Laba Song Lyrics - දිළිඳු බව ලැබ ගීතයේ පද පෙළ

Dilidu Bawa Laba Song Lyrics - දිළිඳු බව ලැබ ගීතයේ පද පෙළ
Song Title : Dilidu Bawa Laba (දිළිඳු බව ලැබ)
ගායනය : ලතා වල්පොල
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව : චිත්‍රගුප්ත
සංගීතය : ආර්. සුදර්ශනම්
1956 දී තිරගතවූ "දොස්තර" චිත්‍රපටියේ ගීයකි.1955 දී භාරතයේ තිරගතවූ "Shiv Bhakta" චිත්‍රපටියට ආශා බෝස්ලේ ගැයූ "Mile Amiri Ya Fakiri Mujhe Darr Kya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ
කර්මෙ ලෙසේ පෙර සසරේ
හෝ.. ඔඕ.....
දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ
කර්මෙ ලෙසේ පෙර සසරේ

මේ අසරණ අප අඳුරේ දමාලා
ඇයි සැප මේ ලොවේ අපටා නොදීලා
දුකෙම හෙළාලා //

හෝ.. ඕ..ඕ... ඕ..

යාවී දැන් ලෝකේ බලයටම ඇදීලා
මේ ද අහෝ යුක්ති ධර්මේ
හෝ.. ඔඕ.....
දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ
කර්මෙ ලෙසේ පෙර සසරේ

ධනවතා මේ විඳිනාවූ  සැප ශ්‍රී
මෙහෙකරු අපගේ ඩාදිය වලිනී
ඩාදිය වලිනී //

හෝ.. ඕ..ඕ... ඕ..

සේවෙ කළත් කෙතරම් අපි වෙහෙසී
සෑහීමක් නොම වන්නේ
හෝ.. ඔඕ.....
දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ
කර්මෙ ලෙසේ පෙර සසරේ

අවු වැසි නොතකා කුස ගින්න නොබලා
රෑ ද දවාලේ දහදුක් ම දීලා
දහදුක දීලා //

හෝ.. ඕ..ඕ... ඕ..

නිදහස අප සැමගේ සුන් කරලා
ඇයි මේ ලෙස වැඩ ගන්නේ
හෝ.. ඔඕ.....
දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ
කර්මෙ ලෙසේ පෙර සසරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dilidu Bawa Laba Song Lyrics - දිළිඳු බව ලැබ ගීතයේ පද පෙළ Dilidu Bawa Laba Song Lyrics - දිළිඳු බව ලැබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2022 Rating: 5

0 comments:

Post a Comment