Mawwada Kawuru Preme Song Lyrics - මැව්වාද කවුරු ප්‍රේමේ ගීතයේ පද පෙළ

Mawwada Kawuru Preme Song Lyrics - මැව්වාද කවුරු ප්‍රේමේ ගීතයේ පද පෙළ

Mawwada Kawuru Preme Song Lyrics - මැව්වාද කවුරු ප්‍රේමේ ගීතයේ පද පෙළ
Song Title : Mawwada Kawuru Preme (මැව්වාද කවුරු ප්‍රේමේ)
ගායනය : හරුන් ලන්ත්‍රා සහ ජී.එස්.බී. රාණි පෙරේරා
පද රචනය : ඇලෝයි ගුණවර්ධන
තනුව : ද්‍රවිඪ ගීයකින් උපුටා ගෙන ඇත.
මෙම ගීයේ මුල් ගායනය : හරුන් ලන්ත්‍රා සහ විනෝදනී ගෙනි.


මැව්වාද කවුරු ප්‍රේමේ
මේ හීන දීන ලෝකේ //
මැව්වාද කවුරු ප්‍රේමේ

ප්‍රේමේ සිතේ සිඳීලා
ඇයි මේ දුකක් විඳීලා //
පිරිසිදු උදාර ප්‍රේමේ
කුමටද දෙවියණි මැව්වේ

මැව්වාද කවුරු ප්‍රේමේ
මේ හීන දීන ලෝකේ //
මැව්වාද කවුරු ප්‍රේමේ

අවිනීත කෲර මිනිසා
එළවයි අනංග දෙවියා //
එක සිත නැති මිනිසුන්නේ
ප්‍රේමය නැහැ හඳුනන්නේ

මැව්වාද කවුරු ප්‍රේමේ
මේ හීන දීන ලෝකේ //
මැව්වාද කවුරු ප්‍රේමේ

සාලිය අසෝකමාලා
රාමා කුමාරි සීතා //
සකුන්තලා දුෂ්මන්තා
පෙමින් එදා ජය ගත්තා

මැව්වාද කවුරු ප්‍රේමේ
මේ හීන දීන ලෝකේ //
මැව්වාද කවුරු ප්‍රේමේ

බැරිවුනමුත් මේ ලොවෙහී
අපි හමුවෙමු එන භවෙහී //
ස්ථිර නොකැලැල් ප්‍රේමේ
අගේ සමාජෙට නොදැනේ

මැව්වාද කවුරු ප්‍රේමේ
මේ හීන දීන ලෝකේ
මැව්වාද කවුරු ප්‍රේමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mawwada Kawuru Preme Song Lyrics - මැව්වාද කවුරු ප්‍රේමේ ගීතයේ පද පෙළ Mawwada Kawuru Preme Song Lyrics - මැව්වාද කවුරු ප්‍රේමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 26, 2022 Rating: 5

0 comments:

Post a Comment