Mal Mal Waram Song Lyrics - මල් මල් වාරම් ගීතයේ පද පෙළ

Mal Mal Waram Song Lyrics - මල් මල් වාරම් ගීතයේ පද පෙළ
Song Title : Mal Mal Waram (මල් මල් වාරම්)
ගායනය : සුනිල් සාන්ත
සංගීතය : සුනිල් සාන්ත
ගී පද : කැලිස්ටස් ජයසිංහ


මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

හෙළ මල් රඟ දී පිපී නටනවා
තිසා වැවේ ඉවුරේ
රතඹල රදලිය රජලිය වෙනවා
සීගිරි ගිරි මැදුරේ
සමනොල කන්දේ උඩවැඩියා මල
සීතලයෙන් පිපිරේ
මිහින්තලාවේ ගල මලින් පිරීලා
සේදේ සිල් මිහිරේ

මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

බඹරා බඹරී නුරා නුරාගය
ඉබේ බිඳී යනවා
මී මී පැණි පැණි වද වද රොද රොද
ඉබේ බැඳී යනවා
මුළු ලොව සත්නගෙ විඩා කඩා හැර
කුසුමින් නැහැවෙනවා
කවියෙන් ගීයෙන් විරිතින් තනුයෙන්
අළුත්වැ පණ එනවා

මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

හිරු රැස් නාමින් නෙළුම් පිපීලා
පොකුණු හිනා වෙනවා
මැයි ගස නන් සිරි පින් සිරි රුසිරින්
මනමාලිය වෙනවා
බඳු වද කිණිහිරි ඉද්ද සමන් මල්
තරඟෙට පිබිදෙනවා
මල් මල් මල් මල් දෙගොඩ තලා මල්
ගඟක් ගලා එනවා

මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Mal Waram Song Lyrics - මල් මල් වාරම් ගීතයේ පද පෙළ Mal Mal Waram Song Lyrics - මල් මල් වාරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 05, 2022 Rating: 5

0 comments:

Post a Comment