බත් වලින් කට්ලට් (Bathwalin Katlat)

බත් වලින් කට්ලට් (Bathwalin Katlat) - Your Choice Way

හවස තේ වෙලාවට  පහසුවෙන් හදාගන්න පුළුවන් ස්නැක් එකක් මං අද ඔයාලට ගෙනාවෙ.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍁 බත් කෝප්ප 1 ක් ( කැමති බත් වර්ගයක් ගන්න .මං ගත්තෙ සම්බා බත්)
  • 🍁 අර්තාපල් අල ගෙඩියක් 
  • 🍁 බී ලූනු ටිකක් 
  • 🍁 අමු මිරිස් කරල් 1ක්
  • 🍁 තලා ගත් ඉඟුරු ,සුදුලුනු ටිකක් 
  • 🍁 තම්බා පොඩිකර ගත් මාලු හෝ සැමන් ටිකක් (අත්‍යවශ්‍ය නැහැ)
  • 🍁 තුනපහ කුඩු තේ හැඳි 1/2 ක් පමණ 
  • 🍁 කෑලි මිරිස් තේ හැඳි 1 ක් 
  • 🍁 ගම්මිරිස් කුඩු ටිකක් 
  • 🍁 කහ කුඩු ටිකක් 
  • 🍁 රස අනුව ලුනු
  • 🍁 පාන් කුඩු ටිකක් 
  • 🍁 බැදීමට තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ අල ටික තම්බා පොඩිකර ගන්න.
  2. ♨️ බී ලූනු සහ අමු මිරිස් සිහින්ව ලියා ගන්න.
  3. ♨️ බත් ටික භාජනයකට දමා ,එයට පොඩිකර ගත් අල,සැමන් හෝ මාලු , ලියාගත් ලූනු, අමු මිරිස් සහ තලාගත් ඉඟුරු ,සුදුලුනු එකතු කරන්න.
  4. ♨️ එයටම තුනපහ කුඩු ,කෑලි මිරිස් ,ගම්මිරිස් කුඩු, කහ කුඩු  සහ රස අනුව ලුනු එකතු කර ගන්න.
  5. ♨️ හොඳින් මිශ්‍ර කර ගන්න.
  6. ♨️ දැන් හොඳින් අනමින් ගුලි කර ගන්න.
  7. ♨️ මේ මිශ්‍රණය සමාන ප්‍රමාණ වලට වෙන් කර බෝල සාදා ගන්න.
  8. ♨️ අතේ තෙල් ටිකක් තවරා සාදා ගත් බෝල අල්ල මත තබා පැතලි කර ගන්න.
  9. ♨️ පැතලි කර සාදා ගත් කට්ලට් වල පාන්කුඩු දවටා ගන්න. පාන කුඩු දවටන්න බැටර් මුකුත් අවශ්‍ය නැහැ මේ කට්ලට් එක වටේ නිකන් දවටා ගන්න පුලුවන්.
  10. ♨️ දැන් පෑන් එකක් ලිප තබා තෙල් ටිකක් දමා රත් කරන්න.
  11. ♨️ රත් කරගත් තෙල් මත මෙම කට්ලට් දමා දෙපැත්ත හරවමින් රන්වන් පැහැ වනතුරු බැද ගන්න . ගැඹුරු තෙලේ බදින්න අවශ්‍ය නැහැ , තෙල් ටිකක් දා ගෙන බදින්න පුලුවන්.

ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ ❤️❤️❤️❤️❤️සැකසුම : © නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
බත් වලින් කට්ලට් (Bathwalin Katlat) - Your Choice Way

බත් වලින් කට්ලට් (Bathwalin Katlat) - Your Choice Way

බත් වලින් කට්ලට් (Bathwalin Katlat) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බත් වලින් කට්ලට් (Bathwalin Katlat) බත් වලින් කට්ලට් (Bathwalin Katlat) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 05, 2022 Rating: 5

0 comments:

Post a Comment