Kan Kan Buru Song Lyrics - කං කං බූරූ ගීතයේ පද පෙළ

Kan Kan Buru Song Lyrics - කං කං බූරූ ගීතයේ පද පෙළ
Song Title : Kan Kan Buru (කං කං බූරූ)
ගායනය : ලතා වල්පොල
පද රචනය : සිරිල් ඒ. සීලවිමල
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
1963 දී තිරගතවූ "දීපශිඛා" චිත්‍රපටියේ ඇතුළත් වූ ගීයකි. "කාබුලිවාලා" නම් හින්දි චිත්‍රපටියට රාණි මුකර්ජී, සවිතා බැනර්ජී, ඌෂා මංගෙස්කාර් හා හේමන්ත් කුමාර් එක්ව ගැයූ "කාබුලිවාලා" ගීයේ තනුව "කං කං බූරූ" ගීයට යොදා ගෙන ඇත. හින්දි ගීයේ සංගීතය හා තනුව සලීල් චෞද්රි ගෙනි. ගීය ලීවේ ප්‍රේම් දවාන්. කාබුලිවාලා 1961 දී මුල් වරට තිරගත වුණා.


කං කං බූරූ
කං කං බූරූ
සිං සිං නෝරූ

සමන් මලෙන් හොරෙන් හොරෙන් පැනලා කොහේ ගියේ //
එහේ මෙහේ සොයා බැලූ නමුත් කොහේ නැතේ
හ්ම් හ්ම්
හොයල හොයල අල්ල ගත්තා අපේ පුංචි හොරා (අක්කී)
හෙමින් හෙමින් අල්ල ගත්තා අනෙක් පුංචි හොරා (අක්කා)
චූටි හොරුන් අහුවෙනවා ඉන්න හැංගි හොරා
ඕ ඕ
(කවුද? සමනලයා)

පොඩි සමනල්ලූ හරි හුරතල්ලූ යාවී සෙල්ලම් පාලා
බබාලා වාගේ අහිංසකයිලූ ලෝකෙම ලස්සණ වීලා

පුන් වෙසක් පොහෝදා සමන් අඩවියට
පුළුන් කැටි වගේ පාවී
සමනලුන් පෙරහැරින් මලින් පැනි අරන්
බුදුන් වඳින්නට යාවී

සාධු වඳින්නට පාර හොයාගෙන උන් කොහොමද යන්නේ
ගාථ කියන්නට පූජ කරන්නට කවුද කියා දුන්නේ
කියන්නක්කා, කියන්නකෝ

සාධුගෙ පිහිටෙන් පාර හොයාගෙන සමනල කන්දේ වහලා
සාධු කියනවා සාධුට විතරක් ඇහෙන්න මල් පැනි පුදලා
උන් ආයේ එනවද අක්කේ?
නෑ ආපහු ආයේ එන්නේ
ඇයි? ඇයි?
උන් කළ පින් බලයේ මහිමෙන්
උන් යනවා නිවනට එතැනින්

පුන් වෙසක් පොහෝදා සමන් අඩවියට
පුළුන් කැටි වගේ පාවී
සමනලුන් පෙරහැරින් මලින් පැනි අරන්
බුදුන් වඳින්නට යාවී

සාධු වඳින්නට පාර හොයාගෙන උන් කොහොමද යන්නේ
ගාථ කියන්නට පූජ කරන්නට කවුද කියා දුන්නේ
කියන්නක්කා, කියන්නකෝ
සාධුගෙ පිහිටෙන් පාර හොයාගෙන සමනල කන්දේ වහලා
සාධු කියනවා සාධුට විතරක් ඇහෙන්න මල් පැනි පුදලා
උන් ආයේ එනවද අක්කේ?
නෑ ආපහු ආයේ එන්නේ
ඇයි? ඇයි?
උන් කළ පින් බලයේ මහිමෙන්
උන් යනවා නිවනට එතැනින්

හිංසා පීඩා නොකරන් කිසිදා
හැමෝම ලෝකේ සුවපත් වේවා //

කරුණා පාලා
මෙත් සිත් වඩලා
ගුණ දම් පුරලා
සිටිමූ සැමදා //

හිංසා පීඩා නොකරන් කිසිදා
හැමෝම ලෝකේ සුවපත් වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kan Kan Buru Song Lyrics - කං කං බූරූ ගීතයේ පද පෙළ Kan Kan Buru Song Lyrics - කං කං බූරූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 27, 2022 Rating: 5

0 comments:

Post a Comment