Ron Rasa Berena Song Lyrics - රොන් රස බේරෙන ගීතයේ පද පෙළ

Ron Rasa Berena Song Lyrics - රොන් රස බේරෙන ගීතයේ පද පෙළ

Ron Rasa Berena Song Lyrics - රොන් රස බේරෙන ගීතයේ පද පෙළ
Song Title : Ron Rasa Berena (රොන් රස බේරෙන)
ගායනය : ලතා වල්පොල සමග එම්.එස්. ප්‍රනාන්දු
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව : ප්‍රේමසිරි කේමදාස
1967 දී තිරගත වූ "රෑන ගිරව්" චිත්‍රපටියේ ගීයකි.


රොන් රස බේරෙන මල් කෙමියේ
පීනන මීමැසි රංචු ලෙසේ
ඉන්නෙ විනෝදේ රජදහනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ //

රොන් රස බේරෙන මල් කෙමියේ
පීනන මීමැසි රංචු ලෙසේ
ඉන්නෙ විනෝදේ රජදහනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ //

නව ජීවය දෙන තිසා වැවේ
සොම්නස් දිය රැලි විසාලවේ
කඳු පෙළ සිප එන දිය දහරේ
හද විල පොපියන රස ඉතිරේ //

අපට තමා මී වද බැඳුණේ
රහට උරන්නයි පැණි පෙරුණේ
මිහිර විඳින්නයි උපදින්නේ
ඇයිද එයින් ඵල නොම ගන්නේ //

රොන් රස බේරෙන මල් කෙමියේ
පීනන මීමැසි රංචු ලෙසේ
ඉන්නෙ විනෝදේ රජදහනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ //

රසට රසේ ලොව එක්වන්නේ
සතුට හදේ සම්පත දෙන්නේ
ගයන ගැයුම් ලෙස නැටවෙන්නේ
අමුතු ලොවක අපි නැළවෙන්නේ //

රසට රසේ ලොව එක්වන්නේ
සතුට හදේ සම්පත දෙන්නේ
ගයන ගැයුම් ලෙස නැටවෙන්නේ
අමුතු ලොවක අපි නැළවෙන්නේ //

රොන් රස බේරෙන මල් කෙමියේ
පීනන මීමැසි රංචු ලෙසේ
ඉන්නෙ විනෝදේ රජදහනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ //

රොන් රස බේරෙන මල් කෙමියේ
පීනන මීමැසි රංචු ලෙසේ
ඉන්නෙ විනෝදේ රජදහනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ //

සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ
සුන්දර ලෝකෙ මෙසේ මැවුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ron Rasa Berena Song Lyrics - රොන් රස බේරෙන ගීතයේ පද පෙළ Ron Rasa Berena Song Lyrics - රොන් රස බේරෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 27, 2022 Rating: 5

0 comments:

Post a Comment