Jiwithe Manthale Song Lyrics - ජීවිතේ මංතලේ ගීතයේ පද පෙළ

Jiwithe Manthale Song Lyrics - ජීවිතේ මංතලේ ගීතයේ පද පෙළ
Song Title : Jiwithe Manthale (ජීවිතේ මංතලේ)
ගායනය : ලතා වල්පොල
පද : සිරිල් ඒ. සීලවිමල
සංගීතය : ටී.එෆ්. ලතීෆ්
1977 දී තිරගතවූ 'සුදු පරවියෝ' චිත්‍රපටියේ ගීයකි.


ජීවිතේ මංතලේ
වාලුකා මාරුතේ
ආදරේ උල්පතේ මං වැසේ

ජීවිතේ මංතලේ
වාලුකා මාරුතේ
ආදරේ උල්පතේ මං වැසේ

ආදරේ අනන්ථ මාන මිහිරේ
අනන්තයේ පැතුම් ලෙසින්ම ඈඳිලා ඒ
වසන්ත හිමයේ  දසන්තයේ මල් කැකුළු පිපෙණ කාලේ
යෞවන පෙම් මල් විමනේ
හරි මවන්න සිතුවිලි අඳුරේ
ගිනි ඇවිළේ පෙම් තිරයේ

ප්‍රාර්ථනා දසක් තුළින් සිතූ සේ
වේදනාවෙනුයි උපන්නෙ මා හදේ ප්‍රේමේ
ජීවිතේ පොතේ ආදරයේ දුක් වේදනාව ලියවේ
මෙතරම් අප හට බාධා
ඉරණමද සරදමක් වූවා
ඉරණම සරදම් පෑවා

ජීවිතේ මංතලේ
වාලුකා මාරුතේ
ආදරේ උල්පතේ මං වැසේ
ජීවිතේ ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jiwithe Manthale Song Lyrics - ජීවිතේ මංතලේ ගීතයේ පද පෙළ Jiwithe Manthale Song Lyrics - ජීවිතේ මංතලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 27, 2022 Rating: 5

0 comments:

Post a Comment