Ho Premasiri Song Lyrics - හෝ ප්‍රේමසිරී ගීතයේ පද පෙළ

Ho Premasiri Song Lyrics - හෝ ප්‍රේමසිරී ගීතයේ පද පෙළ

Ho Premasiri Song Lyrics - හෝ ප්‍රේමසිරී ගීතයේ පද පෙළ
Song Title : Ho Premasiri (හෝ ප්‍රේමසිරී)
ගායනය : ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල
පද රචනය : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
සංගීතය : ආර්. මුත්තුසාමි
1956 දී තිරගත වූ රම්‍යලතා චිත්‍රපටියෙන්


හොහ් හොහ් හෝ ... ඕ.. ඕ.. ඕ..

හෝ ... ඕ.. ඕ.. ප්‍රේමසිරී
හෝ ... ඕ.. ඕ.. ප්‍රභාවතී
සතරින් නිපුණ වී
ගති ගුණ වෙනස්වී
සුද්දෙකූ වගෙයි
හෝ ... ඕ.. ඕ.. ප්‍රේමසිරී

රූපෙනි සපිරි වී
කුඹුරෙම යට වෙවී
කැලෑ හඳ වගෙයි
හෝ ... ඕ.. ඕ.. ප්‍රභාවතී

පිටිසර කෙල්ලේ
හැටියට අද රටේ //
ෆැෂන් කිසිත් දන්නෙම නැත්තේ
මෝඩියේ
තවමත් කුස්සිය මුල්ලේම නේ

සෙල්ලමටා එන්ට එපා ලෙල්ලම වෙනවා //
හොඳ නෑ ඔය හැටී
දඟරකම් එපා ආ..
හෝ ... ඕ.. ඕ.. ප්‍රේමසිරී
හෝ ... ඕ.. ඕ.. ප්‍රභාවතී

පණ්ඩිතකම් කියා
ගුටි කන්නට එපා //
යමුකො විලේ ඕළු නෙළාලා
මා ප්‍රියේ
ප්‍රේමේ මල් මාලා ගොතන්ටා

බාලෙදි මේ බැන්ද සෙනේ යාවි මෝරලා //
පෙම් සැප විඳිමුකෝ
දෙන්නා එක්වෙලා ආ..
හෝ ... ඕ.. දඟර ප්‍රේමසිරී
හෝ ... ඕ.. කොමල ප්‍රභාවතී

සතරින් නිපුණ වී
ගති ගුණ වෙනස්වී
සුද්දෙකූ වගෙයි
හෝ ... ඕ.. ඕ.. ප්‍රේමසිරී

රූපෙනි සපිරි වී
කුඹුරෙම යට වෙවී
කැලෑ හඳ වගෙයි
හෝ ... ඕ.. ඕ.. ප්‍රභාවතී

මේ පැහැයෙන් ඇති කොටස ඉදිරිපත් කර ඇති ගීයේ නැත. එය මුල් ගීයේ ඇත. විශේෂයෙන් එය හුවා දැක්වූයේ මතු පෙන්වා දීමකට සාක්ෂ්‍යක් වශයෙනි. එනම්, ගීයේ තනුව ට ආභාශය කොට ගත් ගීයක තතු විත්ති කීමටයි.

ගීයේ අවස්ථා දෙකක් චිත්‍රපටියේ ඇතුළත්ය. ඉහත ඇත්තේ තුරුණු වියේ ප්‍රේමසිරී හා ප්‍රභාවතී ගයන ගීයයි.

මේ ගීය ගැන වැඩිමනත් සොයා බැලීමේදී, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් සම්පාදිත, "සිංහල චිත්‍රපට ගීතාවලිය" පළමු කාණ්ඩය පරිශීලනය කළෙමි.

එතුමන් දක්වා සිටින්නේ "රම්‍යලතා" චිත්‍රපටියේ ගී තනු සියල්ල ස්වතන්ත්‍ර නිර්මානයන් බවය. එහෙත් මෙම ගීය පැහැදිලිවම, 1953 දී තිරගතවූ "Devadasu" චිත්‍රපටියේ (තෙළිඟු හා ද්‍රවිඪ භාෂා දෙකෙන්ම), ජමුනා රාණි සමගින් උදුතා සරෝජිනී ගායනා කරන "O Devadaa" (තරුණ වියේ ගීය)  නම් ගීයේ ආභාශයෙන් නිර්මානය කරන ලද්දකි.

සෘජුවම "Oh Devada" ගීයේ කොපියක් නොවුනත්, එහි ආභාශය ලද බව එම ගීය ශ්‍රවනය කිරීමේදී පසක් වනවා ඇත.

ළමා වියේ ප්‍රේමසිරි හා ප්‍රභාවතී ගයන ගීයයි පහත ඇත්තේ. මේ ගීයේ හොඳ තත්වයේ සංරක්ෂණය වූ ගායනයක් නැතිවීම නිසා ඉදිරිපත් කරන්නට සිදුවන්නේ කඩතොලු සහිත බිඳ වැටීම් වාර කිහිපයකින් සමන්විත ගීයකි.

ළමා වියේ ගීය

හෝ ... ඕ.. ඕ.. ප්‍රේමසිරී
හෝ ... ඕ.. ඕ.. ප්‍රභාවතී

පාසැල් ගිහිල්ලා
ගුරුතුමා රවටලා
කට්ටි පැනල එයි
හෝ ... ඕ.. ඕ.. ප්‍රේමසිරී

පාසැල් ජීවිතේ
හරි වස කරදරේ
හිර ගෙයක් වගෙයි
හෝ ... ඕ.. ඕ.. ප්‍රභාවතී

සෙල්ලම් කරන්ටා අප හට මේ වගේ
හැකිද ඉඳන් පාසැල ඇතුළේ
මෝඩියේ
කම්මැලි පාඩමෙන් වැඩක් නැතේ

සෙල්ලමටා එන්ට එපා ලෙල්ලම වෙනවා //
හොඳ නැහැ ඔය හැටි නපුරුකම් එපා
හෝ ... ඕ.. ඕ.. ප්‍රේමසිරී
හෝ ... ඕ.. ඕ.. ප්‍රභාවතී

පණ්ඩිතකම් කියා ගුටි කන්නට එපා
යමුකො කුරුලු කූඩු සොයාලා
ප්‍රීතියේ
සෙල්ලම් කරමු පැටවු අල්ලලා

පව් පුරවා ගන්ට එපා උන්ව අල්ලලා //
වැලිබත් උයමුකෝ දෙන්න එක්වෙලා
හෝ .... නපුරු ප්‍රේමසිරී
හෝ .... හැකර ප්‍රභාවතී

පාසැල් ගිහිල්ලා
ගුරුතුමා රවටලා
කට්ටි පැනල එයි
හෝ ... ඕ.. ඕ.. ප්‍රේමසිරී
හෝ ... ඕ.. ඕ.. ප්‍රභාවතී

පාසැල් ජීවිතේ
හරි වස කරදරේ
හිර ගෙයක් වගෙයි
හෝ ... ඕ.. ඕ.. ප්‍රභාවතී
හෝ ... ඕ.. ඕ.. ප්‍රේමසිරී

ගායනය : ඉන්දීයාවේදී (ළමයින්) දෙදෙනෙකු යොදවා සිදුකොට ඇති බව පෙනෙයි.

ඉන් දැරිවියගේ කොටස ගයන්නේ, ජික්කි බව අනුමාන කරමි. "Devadasu" චිත්‍රපටියේ කුඩා වියේ ගීය ගයන්නේ Ghantasala සමග ජික්කි බැවිනි.

සටහන : 
ජික්කි ලෙස ප්‍රසිද්ධ ගායිකාව, සිංහල ගීත රාශියක් ගයා ඇත. ඇය මුල් වරට සිංහල ගීයක් ගැයුවේ, 1956 දී මෙරට ප්‍රදර්ශනය වූ "සල්ලි එපා" නම් චිත්‍රපටියටයි. එය සිංහල දෙබස් කවන ලද, තෙළිඟු චිත්‍රපටියකි.

ජික්කිගේ සැබෑ නම, පිල්ලවේලු ගජපති ක්‍රිෂ්ණවේනි හෙවත්, පී.ජී. ක්‍රිෂ්ණවේනි වේ. 1955 දී ඇගේ වයස අවුරුදු විස්සකි.

සිංහල සිනමාවට හා සිංහල ගී ගායනටද දායකවූ ඒ.එම්. රාජා ඇගේ ස්වාමි පුරුෂයා විය. 2004 වසරේ ජික්කි ජීවිත රඟමඬලින් නික්ම යන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ho Premasiri Song Lyrics - හෝ ප්‍රේමසිරී ගීතයේ පද පෙළ Ho Premasiri Song Lyrics - හෝ ප්‍රේමසිරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2022 Rating: 5

0 comments:

Post a Comment