හිඩ්න් හාට් කේක් හදමු (Hidden Heart Cake Hadamu) 💌💌💌

හිඩ්න් හාට් කේක් හදමු (Hidden Heart Cake Hadamu) 💌💌💌 - Your Choice Way

ආදරවන්තයින්ගේ දිනයට ඔන්න මගෙන් ආදරණීය ඔයාලා වෙනුවෙන්ම  surprise කේක් එකක්  💞💞💞💞💞💞 මුලින්ම කියන්න ඕන ඔයාලා තෝරා ගන්නා තැටිය අනුව තමයි කේක් මිශ්‍රණය සකස් කර ගන්න ඕන.මේ කේක් එකට වඩාත්ම සුදුසු වන්නෙ loaf pan එකක් (පාන් තැටියක් ).මම කේක් එක බේක් කලේ අඟල් 10× 4 තැටියක , හාට් වලට කේක් එක බේක් කලේ ස්විස් රෝල් වලට ගන්නවා වගේ ඉතාම තුනියට අඟල් 8× 8 ට්‍රේ එකක. මුලින්ම ඔයාලා අවශ්‍ය ප්‍රමාණය ට තැටි දෙකක් තෝරා ගන්න . මේ තැටිවල බටර් ආලේප කර පිටි ඉස සකස් කරලා තියා ගන්න . මම මේ කේක් එකට පොඩි ❤️ තමයි යොදා ගත්තෙ, ඔයාලට කැමති නම් මෙයට වඩා ටිකක් ලොකු ❤️ යොදා ගන්න පුලුවන් . මේ කේක් මිශ්‍රණය ඒ සඳහා ප්‍රමාණවත් . දැන් එහෙනම් අපි කේක් එක හදමු.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🎈 පාන්පිටි  300g ක්
  • 🎈 බටර් 300g ක්
  • 🎈 සීනි  300g ක්
  • 🎈 බිත්තර 6 ක් (සාමාන්‍ය ප්‍රමාණයෙන්)
  • 🎈 බේකින් පවුඩර්  තේ හැඳි 2  1/2 ක්
  • 🎈 වැනිලා තේ හැඳි 2  1/2 ක්
  • 🎈 පිටිකිරි හෝ ෆ්‍රෙශ් මිල්ක්  මේස හැඳි  2 1/2 ක්
  • 🎈 රතු පාට ආහාර වර්ණක (රෙඩ් ෆූඩ් කලරින්)

✅ සාදා ගන්නා ආකාරය :

  1. ❣️ සීනි ටික ග්‍රයින්ඩ් කර ගන්න.
  2. ❣️ පිටි සහ බේකින් පවුඩර් දෙවරක් හලා ගන්න.
  3. ❣️ දැන් බටර් සහ සීනි හොඳින් බීට් කරන්න.
  4. ❣️ ඊලඟට බිත්තර එක බැගින් එකතු කරමින් බීට් කර ගන්න.
  5. ❣️ පසුව වැනිලා සහ කිරි එකතු කර මිශ්‍රණය ක්‍රීම් ගතියට එනතුරු බීට් කරන්න.
  6. ❣️ දැන් හලාගත් පිටි ටික එකතු කර හැන්දකින් (spatula ) කලවම් කර ගන්න.
  7. ❣️ දැන් මේ මිශ්‍රණයෙන් 1/3 ක් පමණ ගෙන එයට රතු පාට ආහාර වර්ණ එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  8. ❣️ ඔයාලා සූදානම් කර ගත් පැතලි තැටියට දමා 160 °C  විනාඩි 10ක් රත් කර ගත් අවන් එකක විනාඩි 15ක් පමණ බේක් කර ගන්න.
  9. ❣️ ටිකක් නිවුනු පසු හාට් හැඩ කපා ගන්න.(කුකී කටර් එකක් පාවිච්චි කරලා කපා ගන්න පුළුවන් ඒක පහසුයි)
  10. ❣️ ඊලඟට ඔයාලා කේක් එක බේක් කරන්න තෝරා ගත් ලෝෆ් පෑන් එකට සාදාගත් මිශ්‍රණයෙන් ටිකක් පතුලට දමා තුනී කර ගන්න .ගොඩාක් දාන්න එපා උඩින් ❤️ තියලා කවර් කර ගන්න ඉඩ ඉතිරි වෙන විදියට දාන්න.
  11. ❣️ දැන් ඒ මත ඔයාලා කපාගත් ❤️ ටික මැදින් හිඩැස් නොසිටින සේ පිලිවෙලට එක ලඟින් තබා ගන්න .  මම හාට් යට අතට සිටින විදියට තමයි තියලා තියන්නෙ .එතකොට පහසුයි .ෆොටෝ වල බලන්න.
  12. ❣️ දැන් ඉතිරි කේක් මිශ්‍රණය හාට් වටේට සහ උඩ වැසෙන සේ පරිස්සමෙන් දා ගන්න. පරිස්සමට  තුනී කර ගන්න.
  13. ❣️ ඊලඟට 180°C  න් විනාඩි 10 ක් රත් කරගත් අවන් එකක විනාඩි 30ක් 35 ක් පමණ බේක් කර ගන්න.බේක් වෙලාද කියලා ටූත් පික් එකක් ගහලා බලන්න .කේක් එක ටිකක් උසින් වැඩි නිසා මැද බේක් වෙන්න ටිකක් වෙලා යන්න පුළුවන් . කලු කර ගන්නෙ නැතුව පරිස්සමෙන් බේක් කර ගන්න.
  14. ❣️ කේක් එක ටිකක් නිවුනු පසු අනික් පැත්ත දමා පෙති කපා ගන්න.
💏❤️💏❤️💏❤️💏❤️💏❤️💏❤️💏❤️💏❤️💏
ඔන්න එහෙනම් ඔයාලගෙ ආදරණීයයන් පුදුම කර වන්න ඔයාලත් හදලා බලන්න. 💏සැකසුම : © නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
හිඩ්න් හාට් කේක් හදමු (Hidden Heart Cake Hadamu) 💌💌💌 - Your Choice Way

හිඩ්න් හාට් කේක් හදමු (Hidden Heart Cake Hadamu) 💌💌💌 - Your Choice Way

හිඩ්න් හාට් කේක් හදමු (Hidden Heart Cake Hadamu) 💌💌💌 - Your Choice Way

හිඩ්න් හාට් කේක් හදමු (Hidden Heart Cake Hadamu) 💌💌💌 - Your Choice Way

හිඩ්න් හාට් කේක් හදමු (Hidden Heart Cake Hadamu) 💌💌💌 - Your Choice Way

හිඩ්න් හාට් කේක් හදමු (Hidden Heart Cake Hadamu) 💌💌💌 - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හිඩ්න් හාට් කේක් හදමු (Hidden Heart Cake Hadamu) 💌💌💌 හිඩ්න් හාට් කේක් හදමු (Hidden Heart Cake Hadamu) 💌💌💌 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 26, 2022 Rating: 5

0 comments:

Post a Comment