Hansa Rani Adare Song Lyrics - හංස රාණී ආදරේ ගීතයේ පද පෙළ

Hansa Rani Adare Song Lyrics - හංස රාණී ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Hansa Rani Adare (හංස රාණී ආදරේ)
ගායනය : හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය : ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව හා සංගීතය : ෂෙල්ටන් ප්‍රේමරත්න
1968 දී තිරගත වූ "හැංගි හොරා" සිනමා කෘතිය සඳහා නිර්මානය විය.


හංස රාණී ආදරේ
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොමූ
මගේ හිත උදුරා ගනූ //

හංස රාණී ආදරේ
මදාරා පරසතු විලේ

ඉගිල්ලෙන්නට තටු සලා
පියාපත් සවිබල වෙලා //
අඳුර ආලෝකය වෙලා
සොඳුරු හීනය එළිවෙලා

ආදරේ මල් ඵල දරයි
දුගී පැල රස මුසු කරයි //
රිදී මිණි මුතු මිල නොවෙයි
මාළිගය සිත ගිය තැනයි

හංස රාණී ආදරේ
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොමූ
මගේ හිත උදුරා ගනූ

හංස රාණී
ආදරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hansa Rani Adare Song Lyrics - හංස රාණී ආදරේ ගීතයේ පද පෙළ Hansa Rani Adare Song Lyrics - හංස රාණී ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 26, 2022 Rating: 5

0 comments:

Post a Comment