Atha Sansare Song Lyrics - ඈත සංසාරේ ගීතයේ පද පෙළ

Atha Sansare Song Lyrics - ඈත සංසාරේ ගීතයේ පද පෙළ

Atha Sansare Song Lyrics - ඈත සංසාරේ ගීතයේ පද පෙළ
Song Title : Atha Sansare (ඈත සංසාරේ)
ගායනය : නිරංජලා සරෝජිනී සමග ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ඈත සංසාරේ
නිබඳ බැඳී ආ සබඳකමක් විය
ඈත සංසාරේ

ඈත සංසාරේ
සබඳකමක් නැත හමුවීමක් මිස
ඈත සංසාරේ

දුකට හඬා වැටෙනා බොල් අහසට
තනිය මකන ඉරබට තරුවක් ලෙස
වැසි යදිනා ගිනිලන වැලි කතරට
සිහිල ගෙනා මදනල රැල්ලක් ලෙස
ඈත සංසාරේ
නිබඳ බැඳී ආ සබඳකමක් විය
ඈත සංසාරේ

භවෙන් භවය පැතු සුබ පැතුමක් නොව
යුගෙන් යුගය රැකි මහරු මිණක් නොව
තොළින් තොළග රැඳි හසරැල්ලක් නොව
අනන්තයක නැඟි දේදුන්නක් නොව
ඈත සංසාරේ
සබඳකමක් නැත හමුවීමක් මිස
ඈත සංසාරේ

ඈත සංසාරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Sansare Song Lyrics - ඈත සංසාරේ ගීතයේ පද පෙළ Atha Sansare Song Lyrics - ඈත සංසාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2022 Rating: 5

0 comments:

Post a Comment