Akalata Wata Maha Warusawak Se Song Lyrics - අකලට වට මහ වරුසාවක් සේ ගීතයේ පද පෙළ

Akalata Wata Maha Warusawak Se Song Lyrics - අකලට වට මහ වරුසාවක් සේ ගීතයේ පද පෙළ
Song Title : Akalata Wata Maha Warusawak Se (අකලට වට මහ වරුසාවක් සේ)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : දයා ද අල්විස්
තනුව : නන්දා මාලිනී


අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ
නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ

පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදි ලබන දිනේ

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ
නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Akalata Wata Maha Warusawak Se Song Lyrics - අකලට වට මහ වරුසාවක් සේ ගීතයේ පද පෙළ Akalata Wata Maha Warusawak Se Song Lyrics - අකලට වට මහ වරුසාවක් සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2022 Rating: 5

0 comments:

Post a Comment