Thun Sitha Dahan Gathawena Song Lyrics - තුන් සිත දැහැන් ගතවෙනා ගීතයේ පද පෙළ

Thun Sitha Dahan Gathawena Song Lyrics - තුන් සිත දැහැන් ගතවෙනා ගීතයේ පද පෙළ
Song Title : Thun Sitha Dahan Gathawena (තුන් සිත දැහැන් ගතවෙනා)
ගායනය : නීලා වික්‍රමසිංහ සහ කමල් අද්දරආරච්චි
පද : අශෝක කෝවිලගේ
නාද සැකසුම : නීලා වික්‍රමසිංහ


තුන් සිත දැහැන් ගතවෙනා
සිතුවිලි සසල කරවනා
පද වැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වර්ණ
හිත ළඟ ගයනවද ඔයා

තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා

නෙතකට කඳුළ ගෙන දෙනා
නරඹන සිත ද හඬවනා (හහ් හහ් හහ් හා..)
දුක් බර ප්‍රේම රැඟුම (ලල ලල ලාල ලාල)
සුන්දර පියවි ලොවක (ලල ලල ලාල ලාල)
රඟන්න කියන්නට එපා

තනිකම සිතට කැඳවනා
තනිවම සිතෙන් වැළපෙනා (හහ් හහ් හහ් හා..)
දුක් බර විරහ ගැයුම (ලල ලල ලාල ලාල)
සුන්දර පියවි ලොවක (ලල ලල ලාල ලාල)
ගයන්න කියන්නට එපා

තුන් සිත දැහැන් ගතවෙනා
සිතුවිලි සසල කරවනා
පද වැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වර්ණ
හිත ළඟ ගයනවද ඔයා

තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා

පෙම්බර වදන් නැළවෙනා
දුක්බර දෙබස් නම් එපා (හහ් හහ් හහ් හා..)
සිනමා ලොවක මිසක (ලල ලල ලාල ලාල)
දිවියක සැබෑ ලොවක (ලල ලල ලාල ලාල)
දුක් බර චරිතයක් එපා

සුන්දර අදහසක් කියා
දුක් බර පද වැලක් ලියා (හහ් හහ් හහ් හා..)
සත්සර අතර මිසක (ලල ලල ලාල ලාල)
සුන්දර සැබෑ ලොවක (ලල ලල ලාල ලාල)
දුක් බර ගැයුම නම් එපා

තුන් සිත දැහැන් ගතවෙනා
සිතුවිලි සසල කරවනා
පද වැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වර්ණ
හිත ළඟ ගයනවද ඔයා

තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා

හිත ළඟ ගයනවද ඔයා
හිත ළඟ රඟනවද ඔයා
හිත ළඟ ගයනවද ඔයා
හිත ළඟ රඟනවද ඔයා
හිත ළඟ ගයනවද ඔයා
හිත ළඟ රඟනවද ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thun Sitha Dahan Gathawena Song Lyrics - තුන් සිත දැහැන් ගතවෙනා ගීතයේ පද පෙළ Thun Sitha Dahan Gathawena Song Lyrics - තුන් සිත දැහැන් ගතවෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 13, 2022 Rating: 5

0 comments:

Post a Comment