යුරෝපයේ පුනරුදය (The Renaissance In Europe)

යුරෝපයේ පුනරුදය (The Renaissance In Europe) - Your Choice Way

යුරෝපීය රටවල් වල ඇතිවූ නව පිබිදීම යුරෝපීය පුනරුදය ලෙස හඳුන්වනවා. එකල 14 වන සියවසේ සිට 16 වන සියවස දක්වා යුරෝපය පුරාම ශාස්ත්‍රිය ආගමික විද්‍යාත්මක ක්ෂේත්‍රවල අලුත් සොයා ගැනීම් සිදු වුනු අතර ඊට මූලික වුනේ ග්‍රීක රෝම ශිෂ්ටාචාරයයි. තුන්වන සියවසේදී ග්‍රීක රෝම ශිෂ්ඨාචාරය බිඳ වැටීමත් සමග එළඹුණේ යුරෝපීය මධ්‍යතන යුගයයි. මධ්‍යතන යුගය අවසන් කාලයේදී යුරෝපීයයන් තුළ ග්‍රීක රෝම ශිෂ්ටාචාරය පිළිබඳ උනන්දුවක් ඇති වුණා. ඒ පොත පත හැදෑරීමටත් ඒවායේ භාවිතා කෙරුණු භාෂාවන් අධ්‍යයනයටත් යුරෝපීයයන් නැඹුරු වුණා. පුනරුදය ඇති වීමට ප්‍රධාන හේතු තුනක් බලපානු ලැබුවා.

1. කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කි බලයට යටත් වීම
2. වෙළෙඳාම දියුණු වීම නිසා ධනවතුන් පිරිසක් බිහිවීම
3. බුද්ධි ප්‍රබෝධය

කොන්ස්තන්තිනෝපලය වැදගත්කමක් ඉසිලුවේ අතීතයේ සිට සාම්ප්‍රදායික වෙළද මාර්ග ඔස්සේ යුරෝපය සහ ආසියාව වෙළඳ සම්බන්ධතා පවත්වන වෙළඳ භාණ්ඩ විකුණන මධ්‍යස්ථානයක් විදියට. යුරෝපා රටවල සිට ආසියාවේ භාණ්ඩ මෙම නගරයෙන් ලබා ගෙන යුරෝපා රටවලට අලෙවි කර ලාභ ඉපයීම යුරෝපීයයන් සිදුකලා. 1453 දී තුර්කි ජාතිකයන් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමෙන් පසු යුරෝපා වෙළදාමට ප්‍රබල බලපෑම් ඇති වුණ නිසා යුරෝපයේ ක්‍රිස්තියානි වෙළඳුන්ට තවදුරටත් එය භාවිතා කිරීමට ඉඩ ලැබුණේ නැහැ. ඒ නිසා එහි සිටි උගතුන් කොන්ස්තන්තිනෝපලය පුස්තකාල වල තිබූ වටිනා ග්‍රීක රෝම පොත් රැගෙන තම රටවලට පළා ගොස් ඒවා හදාරනු ලැබුවා. මෙය පුනරුදයේ ඇතිවීමට එක් ප්‍රබල හේතුවක් වුණා.

ඒවගේම ක්‍රිස්තු වර්ෂ දොළොස්වන සියවසේ සිට යුරෝපයේ වෙළෙඳාම පිළිබඳ ඇතිවූ දියුණුව පුනරුදයට බලපෑ දිගු කාලීන හේතුවක්. අපරදිග රටවල් හරහා ඇතිවුණු වෙළදාම ඉතාලියේ වැනීසිය ජිනෝවා ප්ලෝරන්ස් වැනි දියුණු වෙළෙඳ නගර බිහිවීමට හේතු වුණා. එම නගරවල ජනතාවට කලාත්මක අංශ වලට අවධානය යොමු කිරීමට විවේකය සහ ධනය තිබුණා. මෙලෙස ධනවත් පන්තියක් බිහිවීම යුරෝපයේ පුනරුදයට ප්‍රබල සාධකයක් වුණා.

රෝම ශිෂ්ටාචාරය බිඳ වැටුණු පසු ක්‍රිස්තු සභාව හා පූජකවරුන් කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. දේවධර්මය දර්ශනය නීතිය වැනි විෂයයන් එහි ඉගැන්නුවා. නමුත් දොළොස් වන සියවසින් පසු යුරෝපයේ විශ්ව විද්‍යාල බිහි වුණා. එය පෙරට වඩා ඉතිහාසය නාට්‍ය සාහිත්‍ය වැනි විශයන් රාශියක් උගන්වනු ලැබුවා. ඉන් උගත් පිරිසක් බිහිවුණා. පොත් පත් අතින් ලිවීම වෙනුවට ග්‍රන්ථ පිටපත් කිරීම ජැහැන්නස් ගුටන්බර්ග් මුද්‍රණ යන්ත්‍ර නිපදවීම නිසා දැනුම සිදුකල අතර දැනුම ව්‍යාප්ත වීම වැඩි වුණා. මේ කරුණු හේතු කොටගෙන යුරෝපීය පුනරුදය සිදුවුණා.

යුරෝපයේ පුනරුදය හේතුවෙන් නව උගතුන් බිහි වීමත් මානවවාදය ඉස්මතු වීමත් විශේෂයෙන්ම දක්නට ලැබුණා. පුනරුද සමයට පෙර යුරෝපා රටවල භාවිතා වූයේ එක් එක් රටවල වූ ප්‍රදේශවලට සීමා වූ භාෂාවන් පමණයි. පුනරුද යුගයේ දී ග්‍රීක ලතින් භාෂාවෙන් වලින් ලියවුනු පොත් පරිහරණය වැඩිවීම නිසා අනෙක් රටවල ග්‍රීක හා ලතින් භාෂා ඉගෙන ගැනීම විලාසිතාවක් වුණා. එහි ප්‍රතිඵලයක් වුණේ ග්‍රීක හා ලතින් සාහිත්‍යය පුළුල් ලෙස යුරෝපය පුරා පැතිරී යාමයි.

ඒ අනුව ඒවා අධ්‍යනය කළ නව උගතුන් පිරිසක් බිහිවුණා. එමෙන්ම පුනරුද සමයේදී සුවිශේෂී කතුවරුන් රාශියක් යුරෝපා රටවල බිහිවුණා. ඒ අතර ඉතාලියේ ඩාන්ටේ එංගලන්තය විලියම් ශේක්ෂ්පියර් සහ ප්‍රංශයේ ඉරාස්මස් අදටත් ප්‍රචලිත සුප්‍රසිද්ධ කතුවරුන් වෙනවා.

පුනරුද සමයට පෙර පැවැතුනේ දේවවරම්වාදය. එනම් දෙවියන් සියල්ලටම වඩා උතුම් යන්නයි. නමුත් පුනරුද යුගයේදී මානවයාගේ කටයුතු පිළිබඳ වැඩිපුර හැදෑරීම සිදු වුණු නිසා දේවවරම්වාදයට වඩා මානවවාදය ඉස්මතුවී තිබුණා. ඒ අනුව මිනිසා කලාත්මක හැකියාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා. කලා ශිල්ප වල ප්‍රබල වෙනසක් මෙම යුගයේදී සිදුවුණා. පුනරුදයට පෙර පල්ලියේ අනුග්‍රහය මත ආගමික චින්තනය පදනම් කරගෙන කලා නිර්මාණ සිදු වුණා. පුනරුද සමයේ දී ලෞකික රසවින්දනය අගය කළ ධනවත් පිරිස කලාකරුවන්ට අනුග්‍රහය දැක්වීම සිදු වුණා. මේ නිසා කලා ශිල්පයන්හි විශාල දියුණුවක් ඇති වුණා. පුනරුද සමයට පෙර ආගමික මුහුණුවර ගත් කලා නිර්මාණ පුනරුද සමයේ දී ලෞකිකත්වයට මූලිකත්වය දුන්නා. පෙර ක්‍රිස්තුස් වහන්සේ කන්‍යා මරියතුමිය ජනප්‍රිය සාන්තුවරුන් නිර්මාණ වලට වස්තු විෂය වුණත් පුනරුද සමයේ දී රජවරුන් බිසෝවරුන් ධනවත් පවුල් වල අය නිර්මාණ සඳහා වස්තු විෂය කරගත්තා. පුනරුද යුගයට පෙර පල්ලිය පමණක් කලා නිර්මාණවලට අනුග්‍රහය දැක්වූ අතර ආගමික භක්තිය ජනිත කිරීමේ අරමුණින් කටයුතු කළා. නමුත් පුනරුද යුගයේ දී විවිධ ධනවතුන්ගේ අනුග්‍රහය යටතේ ඔවුන්ගේ රසවින්දනය ඇති කිරීමේ මූලික පරමාර්ථයෙන් කලා නිර්මාණ බිහිවුණා. පුනරුද යුගයට පෙර නිර්මාණවල අයිතිය සංවිධානයක නමින් එළි දැක්වූවත් පුනරුද යුගයේ දී කර්තෘ ගේ නමින් ඒවා දැක්වීම සිදු වුණා. ස්වාධීන නිර්මාණ කිරීමට ඉඩ නොලද පුනරුද යුගයට පෙර පැවති තත්ත්වය පුනරුද යුගයේ දී ස්වාධීන තම දක්ෂතා ඉස්මතු කරන නිර්මාණ බිහිකිරීමට නිර්මාණකරුවාට අවස්ථාව සලසා දුන්නා. මේ ආකාරයට පුනරුද සමයේ දී අසාමාන්‍ය ලෙස කලා ශිල්ප හා ආගමික චින්තනයන් වෙනස් වීම් වලට ලක් වුණා.

පුනරුද සමයේ බිහිවූ විශිෂ්ටතම මූර්ති ශිල්පියා මයිකල්ආන්ජලෝ බුවර්නෙට්ටි 
(ක්‍රි.ව 1475.03.06 – 1564.02.18 )...
මයිකල් ආන්ජලෝ යනු පුනරුද සමයේ ඉතාලියේ බිහිවූ මූර්ති ශිල්පියෙකු, චිත්‍ර ශිල්පියෙකු,ගෘහ නිර්මාණ ශිල්පියකු සහ කවියෙකු වේ.
* ඩේවිඩ්(David) ප්‍රතිමාව
* ජේසුතුමාගේ මරණය නිරූපණය කරන

පියෙටා (Pieta)ප්‍රතිමාව ,
* මෝසෙස්(Moses) ප්‍රතිමාව,
* අවසාන විනිශ්චය (The last judgement) සහ
* සිස්ටයින් දෙව්මැදුරේ වියන් සිතුවම්
මොහු විසින් කරන ලද ප්‍රසිද්ධ නිර්මාණ වේ.

මොහු අයත් වන්නේ උසස් පුනරුද සමයට ය. ලියනාඩෝ ඩාවින්චි, මයිකල්ආන්ජලෝ සහ ඔවුන් දෙදෙනාගෙන්ම අධ්‍යාපනය ලැබූ රෆායෙල් සැන්ටි යන ශිල්පීන් විසින් මෙම යුගය ගොඩනගා ඇත. යථාවාදීව සිතුවම් ඇඳීම, පර්යාවලෝකනය, කතෝලික ආගමික තේමාවන් සහ පුරාතන ග්‍රීක – රෝම ආගමික සංකල්ප සිතුවම් වලට තේමා වීම පුනරුදය සමයේ චිත්‍රවල විශේෂ ලක්ෂණ වේ.

මානව සිරුර බාහිරින් පමණක් නොව එහි අස්ථීන් ගේ පිහිටීම, අස්ථි චලන සහ ක්‍රියාකාරකම් අනුව මාංශ පේශීන්ගේ ස්වභාවය ආදිය මනාව අධ්‍යනය කොට පරිමාව, හැඩය, චලන, මාංශ පේශීන්ගේ ස්වභාවය සහ මුහුණේ ඉරියව් වඩාත් ඉස්මතු වන ආකාරයෙන් සිතුවම් සහ ප්‍රතිමා නිර්මාණය කිරීම සඳහා මයිකල් ආන්ජලෝ දක්වා ඇත්තේ සුවිශේෂී දක්ෂතාවයකි. ඔහුගේ මේ ශක්‍යතාවය මූර්ති සහ සිතුවම්වලට ප්‍රාණාරෝපණය කර ඇති ආකාරයෙන් වඩාත් ප්‍රකට වේ.

ශිල්පියා ප්‍රතිමා නිර්මාණය සඳහා යොදාගන්නේ කිරිගරුඬ පාෂාණයි. ඩේවිඩ් ප්‍රතිමාව උසස් පුනරුද සමයේ බිහි වූ විශිෂ්ටතම මූර්තිය ලෙස සැලකෙයි. මිනිස් සිරුරේ අවයවවල පරිමාණානුකූල බව, ඉරියව් නිරූපණය,මස්පිඬු වල ස්වභාවය ශරීරයේ චලන අනුව දක්වා ඇති ස්වරූපය විශ්මිතය. තවද අත්පාවල මතුව ඇති නහර පවා ශිල්පියා ප්‍රතිමාව තුළ මනාව නිරූපණය කර තිබේ . 

මයිකල්ආන්ජලෝගේ සිතුවම් අතරින් වඩාත් මා සිත් ගත් සිතුවම් වන්නේ ජේසුතුමාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ඔසවාගෙන සිටින මරියතුමිය නිරූපිත පියෙටා ප්‍රතිමාව යි. මියගිය ජේසුතුමාගේ සිරුරේ ඇති තාත්විකබව මරිය තුමියගේ සෝබර මුහුණ අපූරු ශෝකී රසයක් ජනනයට සමත් ය. 

සිස්ටයින් දෙව්මැදුරේ ඇති අවසාන විනිශ්චය සිතුවම ශිල්පියාගේ චිත්‍ර අතරින් වඩාත් ආකර්ෂණීය ය. සිස්ටයින් දෙව් මැදුරේ මීටර් 13.7×12 විශාල බිත්තියක් මත මෙම සිතුවම නිමවා ඇත. දෙව්මැදුරේ ඇති සිතුවම් හා ප්‍රතිමා අතරින් වර්තමානයේදී මෙම සිතුවම සංචාරකයන්ට නැරඹීමට පහසුකම් සලසන්නේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ය. 

සිස්ටයින් දෙව්මැදුරේ වියන් තලයේ ඇඳ ඇති සිතුවම් ශිල්පියාගේ ප්‍රතිභාව මනාව පසක් කරවයි. මොහුගේ සිතුවම් පිළිබඳව දැනුමක් නැති අයෙකුට වුවද සිස්ටයින් දෙව්මැදුරේ ඇති සිතුවම් අංක 7 න් නිරූපිත දෙවියන් වහන්සේ විසින් ආදම් මැවීම (The creation of Adam) සිතුවම මතකයේ තිබෙනවාට සැක නැත.

කවර සිතුවම් සම්ප්‍රදායක් බිහි වුවද ඒ සෑම සිතුවම් සම්ප්‍රදායක් ම යටපත් කොට නැගී සිටීමට තරම් පුනරුද සමයේ සිතුවම් සුන්දරත්වයෙන් අනූනය. එබැවින් ම විශිෂ්ට කලාවක් ලොවට තිළිණ කළ ශිල්පීන් සහ ඔවුන්ගේ නිර්මාණ අතරේ මයිකල් ආන්ජලෝ ශිල්පියාගේ නාමය ද පියෙටා, ඩේවිඩ් වැනි මූර්ති ද සිතුවම් ද හෙටට ද ජීවමාන වනු ඇත....

...............අන්තර්ජාලය ඇසුරෙනි............. දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
යුරෝපයේ පුනරුදය (The Renaissance In Europe) යුරෝපයේ පුනරුදය (The Renaissance In Europe) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, August 02, 2022 Rating: 5

0 comments:

Post a Comment