Punchi Dagakariye Song Lyrics - පුංචි දඟකාරියේ ගීතයේ පද පෙළ

Punchi Dagakariye Song Lyrics - පුංචි දඟකාරියේ ගීතයේ පද පෙළ
Song Title : Punchi Dagakariye (පුංචි දඟකාරියේ)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : මහින්ද කේ. ප්‍රේමසිරි
තනුව : සේනානායක වේරලියද්ද


පුංචි දඟකාරියේ
විහඟ ගීතෙන් ගැයු
කිමද රණ තිසර ලියතඹර
පෙති ගිලිහියේ
කවුරුන්ද මල් වයසෙ
මගෙ යහන ගිනිබත් කළේ
මනමාලියේ
මනමාලියේ
දඟකාරියේ

බිඟු දබර කළ සිතේ දිය බොරවෙලා
විෂ බඹර තුඩුවලට පෙති හැකිලිලා
දෙකොපුල් රිදුනාද දඟකාරියේ //
කියන් ළඳේ මට රහසේ
ඔබට මං පණ වගේ ආදරේ //

පෙම වහන් කළ සිතේ නෙතු වැළලිලා
විහඟ ගී රාවයෙන් තෙරපිලා
සෙනෙහස ලැබුණාද දඟකාරියේ //
කියන් ළඳේ මට රහසේ
ඔබට මං පණ වගේ ආදරේ //

පුංචි දඟකාරියේ
විහඟ ගීතෙන් ගැයු
කිමද රණ තිසර ලියතඹර
පෙති ගිලිහියේ
කවුරුන්ද මල් වයසෙ
මගෙ යහන ගිනිබත් කළේ
මනමාලියේ
මනමාලියේ
දඟකාරියේ

ඔබට මං පණ වගේ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Dagakariye Song Lyrics - පුංචි දඟකාරියේ ගීතයේ පද පෙළ Punchi Dagakariye Song Lyrics - පුංචි දඟකාරියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 01, 2022 Rating: 5

0 comments:

Post a Comment