Obeth Mawayi Aya Song Lyrics - ඔබෙත් මවයි ඇය ගීතයේ පද පෙළ

Obeth Mawayi Aya Song Lyrics - ඔබෙත් මවයි ඇය ගීතයේ පද පෙළ
Song Title : Obeth Mawayi Aya (ඔබෙත් මවයි ඇය)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක


ඔබෙත් මවයි ඇය
මගෙත් මවයි ඇය
ප්‍රාණය හද තුළ ගැසෙන තුරු
සියවස් දහසක් රැකගත් නිදහස්
උරුමය අයිතිය රැකිය යුතු

අධිරද බල මුලු දෙපයට යටවී
ඇය පෙර විඳි දුක් සිතිය යුතු
අවියද නැතහොත් සවියද දිය යුතු
ඇය හට දරුවෙනි නැවත මතු

ඇයගේ කෙත් ළැම කිරි වැදි උයනින්
ලැබ ගත් ශක්තිය සිරුර සතු
ඇය වට සමුදුර වෙනුවට අත් බැඳ
වළලු හැදී අප සිටිය යුතු

කොතැනත් උතුරයි
කොතැනත් දකුණයි
කොතැනත් එක ඉර හඳ ඇති නම්
කොතැනත් දරුවොයි
ඇයගේ දරුවොයි
කුල ගොත් දෑ කුමටද මායිම්

ඔබෙත් මවයි ඇය
මගෙත් මවයි ඇය
ප්‍රාණය හද තුළ ගැසෙන තුරු
සියවස් දහසක් රැකගත් නිදහස්
උරුමය අයිතිය රැකිය යුතු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obeth Mawayi Aya Song Lyrics - ඔබෙත් මවයි ඇය ගීතයේ පද පෙළ Obeth Mawayi Aya Song Lyrics - ඔබෙත් මවයි ඇය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2022 Rating: 5

0 comments:

Post a Comment