Noena Kenek Song Lyrics - නොඑන කෙනෙක් ගීතයේ පද පෙළ

Noena Kenek Song Lyrics - නොඑන කෙනෙක් ගීතයේ පද පෙළ
Song Title : Noena Kenek (නොඑන කෙනෙක්)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


නොඑන කෙනෙක් එයි මා අත ගන්නට
ඈතින් දෙවට දිගේ
කළු උණ පඳුරේ රෑ හෙවණැල්ලෙන්
ඒ රුව මෙපිට නොඒ

මා වවුලන් වට ඉහ ඉද්දර හිඳ
මළගම් යන මේ හැන්දෑවේ
මා තනියෙන් මගෙ තනිය මකන්නට
පාළුව ළඟට ඇදේ

නොඑන කෙනෙක් එයි මා අත ගන්නට
ඈතින් දෙවට දිගේ
කළු උණ පදුරේ රෑ හෙවණැල්ලෙන්
ඒ රුව මෙපිට නොඒ

රෑ සිහිනෙන් නෙත ඇඳුනු රුවක් දැක
සිත වැලපෙනවා තුන් යාමේ
යොවුන් සඳේ රුව දියවී අඳුරේ
රෑ තරු හඬනු ඇහේ

නොඑන කෙනෙක් එයි මා අත ගන්නට
ඈතින් දෙවට දිගේ
කළු උණ පදුරේ රෑ හෙවණැල්ලෙන්
ඒ රුව මෙපිට නොඒ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Noena Kenek Song Lyrics - නොඑන කෙනෙක් ගීතයේ පද පෙළ Noena Kenek Song Lyrics - නොඑන කෙනෙක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2022 Rating: 5

0 comments:

Post a Comment