Ma Nethu Magahara Song Lyrics - මා නෙතු මඟහැර ගීතයේ පද පෙළ

Ma Nethu Magahara Song Lyrics - මා නෙතු මඟහැර ගීතයේ පද පෙළ
Song Title : Ma Nethu Magahara (මා නෙතු මඟහැර)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : යමුනා මාලනී පෙරේරා
තනුව : එච්.එම්. ජයවර්ධන


මා නෙතු මඟහැර ඈතට යයි ඔබ සෝභන සඳ මාගේ
කණ කැස්බෑ නෙත අහස දකින්නට කළ පින් මඳ වාගේ //

රෑ කළ කුමුදක් සේ මා පිපි සඳ
ඔබ හිරු සේ දාවලට වඩී
දහවල නෙළුමක් වූ සඳ විල් තෙර
ඔබ සඳ සේ ඝණ රෑක රැඳෙයි

මා නෙතු මඟහැර ඈතට යයි ඔබ සෝභන සඳ මාගේ
කණ කැස්බෑ නෙත අහස දකින්නට කළ පින් මඳ වාගේ

මා රන් තරුවක් වූ සැන්දෑ කළ
ඔබ දුක සේ සමුදුරෙහි කිඳෙයි
මා සිත වියරුව කුණාටු දී මුසු
සුණු හසරැලි ගල් පවුරෙ බිඳෙයි

මා නෙතු මඟහැර ඈතට යයි ඔබ සෝභන සඳ මාගේ
කණ කැස්බෑ නෙත අහස දකින්නට කළ පින් මඳ වාගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Nethu Magahara Song Lyrics - මා නෙතු මඟහැර ගීතයේ පද පෙළ Ma Nethu Magahara Song Lyrics - මා නෙතු මඟහැර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 03, 2022 Rating: 5

0 comments:

Post a Comment