Himi Sanaramara Song Lyrics - හිමි සනරාමර ගීතයේ පද පෙළ

Himi Sanaramara Song Lyrics - හිමි සනරාමර ගීතයේ පද පෙළ
Song Title : Himi Sanaramara (හිමි සනරාමර)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : එච්. එම්. ජයවර්ධන



හිමි සනරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ

හිමි ගුණ ආකර ලෝක දිවාකර
ලොව්තුරු බුදු සමිඳේ
හිත දුක වාවන බුදු බණ පදයක
මිහිර දකිමි නිබඳේ
මිහිර දකිමි නිබඳේ

හිමි දම් ආකර ගුණ මිණි සාගර
ලොව්තුරු බුදු සමිඳේ
හිත සුවදායක බුදු ගුණ ගීක
රසය විඳිමි නිබඳේ
රසය විඳිමි නිබඳේ

හිමි සනරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Himi Sanaramara Song Lyrics - හිමි සනරාමර ගීතයේ පද පෙළ Himi Sanaramara Song Lyrics - හිමි සනරාමර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, August 05, 2022 Rating: 5

0 comments:

Post a Comment