Sisinidu Sudu Sela Song Lyrics - සුසිනිඳු සුදු සේල ගීතයේ පද පෙළ

Sisinidu Sudu Sela Song Lyrics - සුසිනිඳු සුදු සේල ගීතයේ පද පෙළ
Song Title : Sisinidu Sudu Sela (සුසිනිඳු සුදු සේල)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ සෝමරත්න කස්තුරිආරච්චි
පද : මායාදුන්නේ සේන මුණසිංහ
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


සුසිනිඳු සුදු සේල ගලවා තියා
මිහිදුම් මනමාලි පැනලා ගියා

පිනි බිඳු විසිරේවි හිමිදිරි උදේ
සඳු හිමි තුරුලේහි පසුවේ ඇඳේ

සුසිනිඳු සුදු සේල ගලවා තියා
මිහිදුම් මනමාලි පැනලා ගියා

විසිරුණු දස දිගෙහි ගී යෙයි ඇගේ
ලියලන නව මිහිර තවමත් ඇහේ

දළදඩු හදවතක වෙළුණා එයා
දිවියෙහි මධු මිහිර අපතේ ගියා
සැනසුම පැන යන්න ඉඩදී හදේ
ඔබ අද හිනැහෙන්නෙ කොහොමද ළඳේ

සුසිනිඳු සුදු සේල ගලවා තියා
මිහිදුම් මනමාලි පැනලා ගියා

පිනි බිඳු විසිරේවි හිමිදිරි උදේ
සඳු හිමි තුරුලේහි පසුවේ ඇඳේ

සුසිනිඳු සුදු සේල ගලවා තියා
මිහිදුම් මනමාලි පැනලා ගියා

ඇවිළුණු ගිනිදැල්ල නිවුණා සෙමින්
කොවුලනි නොහඩන්න නොගයා ගැයුම් //

යා දෙක නො රත රත පෑහෙන්නෙ නෑ
කළු ගං මහවැලි යාවෙන්නෙ නෑ

හදවත මධු මිහිර උතුරා ගලා
සැනසෙමි මගෙ දිවිය මිහිරක් වෙලා

සුසිනිඳු සුදු සේල ගලවා තියා
මිහිදුම් මනමාලි පැනලා ගියා

පිනි බිඳු විසිරේවි හිමිදිරි උදේ
සඳු හිමි තුරුලේහි පසුවේ ඇඳේ

සුසිනිඳු සුදු සේල ගලවා තියා
මිහිදුම් මනමාලි පැනලා ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sisinidu Sudu Sela Song Lyrics - සුසිනිඳු සුදු සේල ගීතයේ පද පෙළ Sisinidu Sudu Sela Song Lyrics - සුසිනිඳු සුදු සේල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2022 Rating: 5

0 comments:

Post a Comment