Pani Bindak Song Lyrics - පැණි බිංදක් ගීතයේ පද පෙළ

Pani Bindak Song Lyrics - පැණි බිංදක් ගීතයේ පද පෙළ
Song Title : Pani Bindak (පැණි බිංදක්)
Vocals by Hashani Wasana | Chamara Nirmal
Song Written by Kasun Edirisinghe
Music Composed,  Produced  & Arranged by Charitha Attalage
Illustrations and Graphics by Project de Marco
Flute by Wayanaka Perera
Acoustic Guitar by Dilru Amarasinghe
Sitar by Mahesh Pathmakumara
Violin by Shravan Sridhar
Tabla by Viraj Sampath
Song Recorded, Mixed and Mastered by Charitha Attalage @Hometown Studios


ආදරයේ පැණි බිංදක්
නුබේ දෙතොලේ තිය යන්නම්
දුර අහසේ ඉම සොයලා
ඉගිලීලා යලි එන්නම්

පැණි බිදු හා දැවටෙන්නම්
නුඹේ සුවඳේ කිමිදෙන්නම්
හිනැහීලා සැරසීලා
මල් කුමරෝ මම ඉන්නම්

හදවත ස්නේහ වෑහෙනා
පැණි බිදු නුඹටමැයි කියා
රවටනු සේම නුඹව සිප ගන්නම්

පැණි බිදු හාදු තවරනා
වෙනසක හේතු තේරුනා
නොදැනුනු සේම නුඹව සිප ගන්නම්

නුඹ කලුවරට බය හැගෙයි
අද රෑ තනි රකිනු සිතෙයි
අලුයම සීතලේම ගුලි වෙන්නම්

මම කලුවරට බය නොවෙයි
එනමුදු තනිකමක් දැනෙයි
අලුයම සීතලේම සමු දෙන්නම්

නන්නාදුනන එලි දිලෙයි
කුණාටුවක්ද මට බයයි
නුඹ අසලින්ම සොඳුර මම ඉන්නම්

දෑසට දෑස දුර හැගෙයි
නුඹ අන්සතුමදැයි දැනෙයි
නොදැනුන සේම සොඳුර මම ඉන්නම්

නෙක මල් උයන් හමුවනා
නොසොයමි ප්‍රේම ප්‍රාර්ථනා
අගවනු සේම නුඹව සිප ගන්නම්

මා හැම රැයක පෑරුණා
දැන දැන හේතු කාරණා
නොදැනුනු සේම නුඹව සිප ගන්නම්

ආදරයේ පැණි බිංදක්
නුබේ දෙතොලේ තිය යන්නම්
දුර අහසේ ඉම සොයලා
ඉගිලීලා යලි එන්නම්

පැණි බිදු හා දැවටෙන්නම්
නුඹේ සුවදේ කිමිදෙන්නම්
හිනැහීලා සැරසීලා
මල් කුමරෝ මම ඉන්නම්




👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pani Bindak Song Lyrics - පැණි බිංදක් ගීතයේ පද පෙළ Pani Bindak Song Lyrics - පැණි බිංදක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2022 Rating: 5

0 comments:

Post a Comment