Rosa Pethi Athurala Song Lyrics - රෝස පෙති අතුරාලා ගීතයේ පද පෙළ

Rosa Pethi Athurala Song Lyrics - රෝස පෙති අතුරාලා ගීතයේ පද පෙළ
Song Title : Rosa Pethi Athurala (රෝස පෙති අතුරාලා)
ගායනය : චාමර වීරසිංහ සහ රොමේෂ් සුගතපාල
සංගීතය : රොමේෂ් සුගතපාල
පද රචනය : ශෙහාන් ගලහිටියාව


රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා
කදුළු පිණි වෑහේවී නිදන හිත ඇහැරේවී
පපුව මත සුවඳ විඳ දෙතොල්පෙති යාවෙවී
රෝස පෙති අතුරාලා

තරු පේලි පීදීලා
සඳ යහන පීරාලා
නුබෙ දෑස වීදාලා
අපෙ කෝඩු හීනෙ සරසාලා
තරු පේලි පීදීලා
සඳ යහන පීරාලා
නුබෙ දෑස වීදාලා
අපෙ කෝඩු හීනෙ සරසාලා
ඉඳු නීල නෙතු ගාව රැඳෙමී සදා

රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා

පැතු හීන වෑහීලා
අද යාය නෑවීලා
පන වාගෙ පෑහීලා
මතු ආයෙ මාගෙ සඳ වේවා
පැතු හීන වෑහීලා
අද යාය නෑවීලා
පන වාගෙ පෑහීලා
මතු ආයෙ මාගෙ සඳ වේවා
ඉඳු නීල නෙතු ගාව රැඳෙමී සදා

රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා
කදුළු පිණි වෑහේවී නිදන හිත ඇහැරේවී
පපුව මත සුවඳ විඳ දෙතොල්පෙති යාවෙවී
රෝස පෙති අතුරාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Pethi Athurala Song Lyrics - රෝස පෙති අතුරාලා ගීතයේ පද පෙළ Rosa Pethi Athurala Song Lyrics - රෝස පෙති අතුරාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 28, 2022 Rating: 5

0 comments:

Post a Comment