Song Title : Rosa Mala Wage Chutikki (රෝස මල වගෙ චූටික්කී)
ගායනය : ඇන්ජලින් ගුණතිලක සමග එම්.එස්. ප්‍රනාන්දු
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : සරත් දසනායක
1975 දී තිරගත වූ "ආවා සොයා ආදරේ" චිත්‍රපටියෙන්
රෝස මල වගෙ චූටික්කී
මාගෙ ආදර බෝනික්කී
ඇසිපිය ගසමින් හිනැහෙනවා
ලස්සන බේරෙනවා //
ගැහෙනවා බයවෙලා මගෙ ඇහේ බබා
සනසමින් ඔබ හෙමින් ඇත්තෙ පා තබා //
නුහුරු ප්‍රේම වැස්සේ
හිත ද මාගෙ ගැස්සේ //
මේක හීනයක් වාගේ
රෝස මල වගෙ චූටික්කී
මාගෙ ආදර බෝනික්කී
ඇසිපිය ගසමින් හිනැහෙනවා
ලස්සන බේරෙනවා
ආශා හිතෙනව දැක්කාම
අමතක වෙනවා ඔක්කෝම
අරගෙන යන්නද කද පෙන්නා
වස්තුව කරපින්නා //
වී කොටා ලිප තියා බත පැහී ඉදේ
බෙදනකන් ඉන්නකෝ ඇයි අනේ වදේ //
නැකත ළඟම ඒවී
සතුට උදාවේවී //
සිකුරු තරුව පායාවී
රෝස මල වගෙ චූටික්කී
මාගෙ ආදර බෝනික්කී
ඇසිපිය ගසමින් හිනැහෙනවා
ලස්සන බේරෙනවා //
ලස්සන බේරෙනවා ///
0 comments:
Post a Comment