Nowenas Song Lyrics - නොවෙනස් ගීතයේ පද පෙළ

Nowenas Song Lyrics - නොවෙනස් ගීතයේ පද පෙළ
Song Title : Nowenas (නොවෙනස්)
Lyrics & Vocals : OOSeven & Zany Inzane
Produced by : Ayeshmantha
Mixed & Mastered by : Amila M Wickramasingha (Jaya Records)
Recorded by : BEE at BEEHIVE
Distributed by : AirXone Musik
Directed by : AD MADUSHAN
DOP : AD MADUSHAN
AD : Nishan Udayanga
Editor & Colorist by : Gaishu G
Production company : Circle
Digital Media Support : Mathisha Induwara


උඩුගම් බලා යන්නේ දිය පහර
වේදනාව දන්නේ ඉලිප්පුන නහර
අවසානයක් නොවේවි යන ගමන
අපි ඇවිද ගියා ජීවිතේ දුර කතර

උඩුගම් බලා යන්නේ දිය පහර
වේදනාව දන්නේ ඉලිප්පුන නහර
අවසානයක් නොවේවි යන ගමන
අපි ඇවිද ගියා ජීවිතේ දුර කතර

එක ලේ බැදිමෙන් හැමදාමත් 
ගෙවිලා ගියා කාලයක් ඒ හිනාවමයි තාමත්
වෙනස් වෙලා නෑ හිටපු එකාමයි මම තාමත්
නතරවුනා හිත මේ බැදිම කඩාගෙන යන්නේ නැහැ කවදාවත්
අතිතේ මතකයි නොනවතින සංගීතේ
ඒ කාලේ මං කැලබි අයාලේ දුවද්දී මහ පාරේ 
ඒ ගිනි දැල්ල අලු කලා සිතුවිල්ල මාගේ ඒ කාලේ අපරාධේ
දැන් වෙලාගෙන ජීවිතේම කරා මං ආස දේම
නැවතුමක් නැති වේදනාවටම කලා ප්‍රේම
හොදම ගැලපීම ලැබුනා සැනසීම
සතුටෙන් ඇස් පියාගන්න ලැබෙයි ලගදීම
සෙවනැල්ලේන් පටන්ගත්ත දේ හීන දැක්කා දවස ගානේ
මේ දෛවෙ වෙනස් කරන්නමයි ඕනේ අවසානේ
මතක දිගේ ගලන් ආවා විවාද නෑ තාම අපිත් උනා හොද වානේ අවසානේ

උඩුගම් බලා යන්නේ දිය පහර
වේදනාව දන්නේ ඉලිප්පුන නහර
අවසානයක් නොවේවි යන ගමන
අපි ඇවිද ගියා ජීවිතේ දුර කතර

උඩුගම් බලා යන්නේ දිය පහර
වේදනාව දන්නේ ඉලිප්පුන නහර
අවසානයක් නොවේවි යන ගමන
අපි ඇවිද ගියා ජීවිතේ දුර කතර

අප්‍රමාණයි අත්දැකීම්
බෑ අල්ලන්න එක අතකින්
දෙයියෝ මාව මැව්වේ සතෙක් වගේ පණ හතකින්
දකින්නේ වොල්වරින්  ආසියාවේ රටකින්
දහස් ගණන් හිරිගඩු පිපුවා එක කටකින් 
මන් ඇස් පියා ගන්නේ
මතු වෙන්න තෙවෙනි මානේන්
අවකාශේ තුළ පාවෙද්දි මනෝකාය මන් දැක්ක දේවල් ගෙනාවා මේ ලෝකේ
මේ ලෝකෙ තුළට මන්
ඇවිදන් ගියා මනසින් උපරිම දුරට
ඕනම දේකදි මට මාවමයි නිදසුන්
ඔළුවෙන් හිටන් ඉඳියත් වැඩක් නෑ අනික් මිනිසුන්
තාමත් වලංගුයි මන් අතීතේ ගැහුව ගිවිසුම්
මගේ නම ඇහුවොත් උබේ උන්ටත් යන්නේ කිවිසුම්
බලාපොරොත්තු සීමිතයි නෞකාව සැහැල්ලුයි
මාතෘකාවක් කරගන්නේ නෑ මං ජරාවයි ගැහැණුයි
තේරුම් ගන්න බෑ මන් හිතන විදිය කාටවත්ම
ඊට වඩා පාලි තේරුම් ගැනීම පහසුයි

උඩුගම් බලා යන්නේ දිය පහර
වේදනාව දන්නේ ඉලිප්පුන නහර
අවසානයක් නොවේවි යන ගමන
අපි ඇවිද ගියා ජීවිතේ දුර කතර

උඩුගම් බලා යන්නේ දිය පහර
වේදනාව දන්නේ ඉලිප්පුන නහර
අවසානයක් නොවේවි යන ගමන
අපි ඇවිද ගියා ජීවිතේ දුර කතර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nowenas Song Lyrics - නොවෙනස් ගීතයේ පද පෙළ Nowenas Song Lyrics - නොවෙනස් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2022 Rating: 5

0 comments:

Post a Comment