Nil Ahase Umathu Wala Song Lyrics - නිල් අහසේ උමතු වලා ගීතයේ පද පෙළ

Nil Ahase Umathu Wala Song Lyrics - නිල් අහසේ උමතු වලා ගීතයේ පද පෙළ
Song Title : Nil Ahase Umathu Wala (නිල් අහසේ උමතු වලා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ශ්‍රී නිහාල් ජයසිංහ
සංගීත අධ්‍යක්ෂණය : ටී.එෆ්. ලතීෆ්
1972 දී තිරගත "මේ දෑස කුමටද" චිත්‍රපටියේ ගීයකි.1970 දී තිරගත "ගන්වර්" (Ganwaar) චිත්‍රපටියට, මොහොමඩ් රාෆි විසින් ගයන ලද "මේ හූන් ගන්වර්" ("Main Hoon Ganwar") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


නිල් අහසේ උමතු වලා
ගොළු වී දුක සේ පාවෙනවා
ගිම්හානේ හිරු නැගලා
පිපුණු කුසුම් පෙති පරවෙනවා

තණ පල සේදී කඳුළු සලා
ලොවට වියෝ දුක පතල කළා

ඔබගේ ආදර මධු ගීතේ
වෙනදා මෙන් සවනට නෑසේ
අයි මේ මිහිකත වැලපෙන්නේ

නිල් අහසේ උමතු වලා
ගොළු වී දුක සේ පාවෙනවා
ගිම්හානේ හිරු නැගලා
පිපුණු කුසුම් පෙති පරවෙනවා

එදා පිපුණු මල් හිරු එළියේ
අද නොපිපේ මගෙ සුරතලියේ
යෞවනයේ රන් තිරය ඉරා
ඇයි මේ සිතුවම ඔබ ඇන්දේ
එය නෑ කඳුළෙන් සේදෙන්නේ

නිල් අහසේ උමතු වලා
ගොළු වී දුක සේ පාවෙනවා
ගිම්හානේ හිරු නැගලා
පිපුණු කුසුම් පෙති පරවෙනවා

හා....
මා නැත ඔබගෙන් වෙන්වන්නේ
පැවසූ ඔබ කෝ මියුලැසියේ
ආදරයේ කිරි සිහින ගරා
ඔබ ගිය මග උණු කඳුළු සලා
මම ඇවිදිමි මේ සසර පුරා

නිල් අහසේ උමතු වලා
ගොළු වී දුක සේ පාවෙනවා
ගිම්හානේ හිරු නැගලා
පිපුණු කුසුම් පෙති පරවෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Ahase Umathu Wala Song Lyrics - නිල් අහසේ උමතු වලා ගීතයේ පද පෙළ Nil Ahase Umathu Wala Song Lyrics - නිල් අහසේ උමතු වලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2022 Rating: 5

0 comments:

Post a Comment