Me Mosam Manda Sulanga Hama Song Lyrics - මේ මෝසම් මඳ සුළඟ හමා ගීතයේ පද පෙළ

Me Mosam Manda Sulanga Hama Song Lyrics - මේ මෝසම් මඳ සුළඟ හමා ගීතයේ පද පෙළ
Song Title : Me Mosam Manda Sulanga Hama (මේ මෝසම් මඳ සුළඟ හමා)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක (එවකට ඇන්ජලින් ද ලැනරෝල්)
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
1963 දී තිරගතවූ දීපශිකා චිත්‍රපටියේ අඩංගු වූ ගීයකි.හින්දි ගී තනුවකි. උපුටා ගැණුනේ 1961 දී භාරතයේ තිරගතවූ "මොඩර්න් ගර්ල්" චිත්‍රපටියට සුමන් කල්‍යාණ්පූර් සමගින් මුකේෂ් ගැයූ "යේ මෝසම් රන්ගීන් සමා" ගීයෙනි. මෙම ගීයේ තනුව හා සංගීත අධ්‍යක්ෂණය රවි ශන්කර් ශර්මා ගෙනි. ගීය ලීවේ ගුල්ෂාන් බව්රා.


මේ මෝසම් මඳ සුළඟ හමා
පවසා යන්නේ මේක තමා
ඔබ මගෙ මා ඔබෙ ප්‍රාණෙ සේ සංසාරේ එන්නට ඕනා //

පුන් සඳ රන්වන් රැස් හළලා
ඇහුණද කී දේ අප දැකලා
ඔබ මගෙ මා ඔබෙ ප්‍රාණෙ සේ නෑ වෙන්වන්නේ අප දෙන්නා

පෙම් දේහිනී ඔබ මාගේ
මී වදෙ හා මී පැණි වාගේ
ජීවේ මිහිර තැනේ

පෙම්බරයාණනි ඔබ මාගේ
පුන් සඳ හා රැස් කඳ වාගේ
ප්‍රේම නීල'ඹරේ

කොවුලා කූජන දිදී ගහේ
කියනා රස බස මෙසේ ඇහේ
ඔබ මගෙ මා ඔබෙ ප්‍රාණෙ සේ සංසාරේ එන්නට ඕනා

පුන් සඳ රන්වන් රැස් හළලා
ඇහුණද කී දේ අප දැකලා
ඔබ මගෙ මා ඔබෙ ප්‍රාණෙ සේ නෑ වෙන්වන්නේ අප දෙන්නා

සීදේවිය නම් රළ මූදේ
මා වේවා නැංවෙන නාදේ
ප්‍රේම ලෝක තලේ

රන්කඳ වී ගීතය ආලේ
මම වෙන්නෙමි එහි රස තාලේ
අමා ගීත රසේ

අම්බරෙ රන් තරු නැඟී දිලේ
දන්වයි දෙන්නට මෙසේ යලී
ඔබ මගෙ මා ඔබෙ ප්‍රාණෙ සේ සංසාරේ එන්නට ඕනා

පුන් සඳ රන්වන් රැස් හළලා
ඇහුණද කී දේ අප දැකලා
ඔබ මගෙ
මා ඔබෙ
ප්‍රාණෙ සේ නෑ වෙන්වන්නේ අප දෙන්නා

හින්දි ගීයේ පද

ye mausam rangin sama
thahar zara o jaane ja
tera mera mera tera pyar hai
to phir kaisa sharmana
ye mausam rangin sama
thahar zara o jane ja
tera mera mera tera pyar hai
to phir kaisa sharmana
ruk to mai jau jane ja
mujhko hai inkar kaha
tera mera mera tera pyar sanam
na ban jaae afsana

ye chand ye sitare kahte hai
mil ke sare aaja pyar kare
ye chand ye sitare kahte hai
mil ke sare aaja pyar kare
ye chanda bairi dekhe aise
me bolo kaise ikraar kare
dil me hai kuchh kuchh kahe zuban
pyar yahi hai jane ja
tera mera mera tera pyar hai
to phir kaisa sharmana
ye mausam rangin sama
thahar zara o jane ja
tera mera mera tera pyar hai
to phir kaisa sharmana

ye pyar ki lambi rahe kahti hai
ye nigahe kahi dur chale
ye pyar ki lambi rahe kahti hai
ye nigahe kahi dur chale
baithe hain ghera dale ye zalim
duniya vale hame dekh jale
jalta hai to jale jaha
thahar zara o jane jas
tera mera mera tera pyar hai
to phir kaisa sharmana
ruk to mai jau jane ja
mujhko hai inkar kaha
tera mera mera tera pyar
sanam na ban jaae afsana
ye mausam rangin sama
thahar zara ojane ja
tera mera mera tera pyar hai
to phir kaisa sharmana

ये मौसम रंगीन समा ठहर ज़रा ओ जान-ए-जां
तेरा मेरा मेरा तेरा प्यार है तो फिर कैसा शरमाना
रुक तो मैं जाऊँ जान-ए-जां मुझको है इनकार कहाँ
तेरा मेरा मेरा तेरा प्यार सनम न बन जाए अफ़साना

ये चाँद और सितारे कहते हैं मिल के सारे
आजा प्यार करें
ये चाँद बैरी देखे ऐसे में बोलो कैसे
इक़रार करें
दिल में है कुछ कहे ज़ुबां 
प्यार यही है जान-ए-जां
तेरा मेरा ...

ये प्यार की लम्बी राहें बाहों में डाले बाहें
कहीं दूर चलें
बैठे हैं घेरा डाले ये ज़ालिम दुनिया वाले
हमें देख जले
ठहर ज़रा ओ जान-ए-जां
मुझको है इनकार कहाँ

तेरा मेरा ...

Song : ye mausam rangiin samaa
Singer(s) : Mukesh & Suman Kalyanpur
Lyricist : Gulshan Bawra
Composer : Ravi Shankar Sharma
Movie : Modern Girl
Year : 1961

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Mosam Manda Sulanga Hama Song Lyrics - මේ මෝසම් මඳ සුළඟ හමා ගීතයේ පද පෙළ Me Mosam Manda Sulanga Hama Song Lyrics - මේ මෝසම් මඳ සුළඟ හමා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2022 Rating: 5

0 comments:

Post a Comment